රන්ජන් කැමැති අලියගේ හදවතටලු ?

0
78

ranjan 1තිත්ත ඇත්ත කවදත් කතා කළ හිටපු ඇමති රන්ජන් රාමනායක ඊයේ දිනයේද උසාවියට කැදවා තිබුණි. ඔහු එන තෙක් දැන් මග බලාගෙන මාධ්‍යවේදින් පමණකි.
හොරු අල්ලන පොරොන්දුව මහජනයාට දුන් යහපාලනේ අතිබහුතරයක් මැති ඇමැත්තන් දැන් අලි අල්ලන මෙහෙයුම පැන ඇති නිසා හොරු ඇල්ලිම ගැන යහපාලන පොරොන්දුව වෙනුවෙන් තනි සටනක් දුන් රන්ජන්ව මේ අලිය ගන්න දගලන මැති ඇමති බේබිලාට අමතකය.
මේ ගැන මාධ්‍යවේදියෙකු රන්ජන්ගෙන් අසන්නේ දැන් ඔයාව බලන්න කට්ටිටය එන්නේ නැ නේදැයි කියාය.
පසුගිය ජනපතිවරණ සමයේ වේදිකාවේ ජනප්‍රිය කතිකයෙකු වුද තිත්ත ඇත්ත කථා කළ රන්ජන් ඒ මාධ්‍යවේදියාට දුන් පිළිතුර අස්සේ ගැඹුරු පිළිතුරක්ද අන්තර්ගතය.
හොරු අල්ලන්න වැඩිදෙනෙක් කැමති නෑ මල්ලි

අලියද හදවත දැයි මාධ්‍යවේදින් අසද්දි රන්ජන් කියන්නේ අලියාගේ හදවත යැයි කියාය.
අජිත් පෙරේරාලාට නොතේරෙන  පැහැදිලි දේශපාලන පිළිතුරක් රන්ජන් ඒ මොහොතේ දි තිබේ.