රන්දියගමට රන් ත්‍යාගයක්

0
140

WP 000178රන්දිය ගම යනු වෙන්නප්පුවට අයත් කුඩා ගම්මානයක් වන අතර එම ප්‍රදේශය කාලයක පටන් ජලයෙන් යට වන ප්‍රදේශයකි.  රන්දිය ගම පදිංචිව සිටින්නන් සිටින්නේ  කොටස් කර විකුණන ලද  ඉඩම් කොටස්හී වල වන අතර වර්ෂා කාලයට මෙම පදිංචිකරුවන්ට නිවාස වල  සිටීමට නොහැකි වල අන්දමින් ඔවුන්ගේ ඉඩම් නිවාස ජලයෙන් යටවී යයි. මෙ සදහා විසදුමක් ලෙස  මෙම රන්දියගම ගම්මානයට ජලය පොම්ප කිරීමේ ජල ටැංකි සහ නල පද්ධතියක් සවි කිරීමේ උත්සවයක් අද  පවත්වන ලදී.
මෙම ජල  ටැංකි  මගින් සිදුකරන්නේ වැඩිපුර ජලය ටැංකි වලට උරාගෙන නල පද්ධතිය මගින් මුහුදට බැහැර කිරීම සිදුකිරීමයි. එම ස්ථානයට ජල ටැංකි සහ මෝටරක්ද ස්විච් පද්ධතියක් ද අද සවිකරන ලදී.  මෙම ව්‍යාපෘතිය සදහා දරන්නට වූ වියදම ලක්ෂ 6-7ක් අතර මුදලක් බවද  වෙන්නප්පුව ප්‍රාදේශීය සභාපතිවරයා පැවසීය.
මෙම අවස්ථාවට  ජේෂ්්‍ඨ අමාත්‍ය  මිල්රෝයි ප්‍රනාන්දු අමත්‍යවරයා  ,පා.මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු, වෙන්නප්පුව ප්‍රාදේශීය සභාපති සුසන්ත  ප්‍රනාන්දු , ප්‍රාදේශීය සභා මන්ත්‍රී ට්‍රෙවින් ප්‍රනාන්දු, වෙන්නප්පුව ප්‍රදේශීය ලේකම්වරිය සහ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රී සරත් වික්‍රමරත්න යන අය සහභාගී වූහ.
WP 000180WP 000177 new
සටහන සහ ඡායා  – ‍ෂෙහාන් එරංග

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here