රනිල්ගේ සාදයට ද්‍රවිඩ සන්ධානේ සියළු දෙනාම ඇවිල්ලා !

0
40

Ranilයහපාලන රජයට වසර 4 ක් පිරිම නිමිති කොට ගෙන අරලියගහ මන්දිරයේ පැවැති සාදයට මාතර රැළියේ ප්‍රධාන සංවිධායක ක්‍රියාකාරින් හැරුන කොට එජාපේ ප්‍රධාන පෙලේ මන්ත්‍රිවරුන් රැසක් එක්ව සිටි බව වාර්ථා වේ.
මේ අතර ද්‍රවිඩ සංධානයේ සියලුම මන්ත්‍රිවරුන් පාහේ මේ සාදයට එක්ව තිබුන බව ශ්‍රිලංකා මිරර් වෙබ් අඩවිය විසින් වාර්ථා  කොට තිබුණි.
රටතුල මතුව ඇති දේශපාලන ගතිකයන් තුල ද්‍රවිඩ මන්ත්‍රිවරුන්ගේ පැමිණිම විශේෂිත වුවකි.
මේ හැරෙන්නට මාතර රැළියට ගොස් සිටි තවත් ඉදිරි පෙළ එජාප  ඇමතිවරුන් පිරිසක්ද අරලිය ගහ මැදුරේ සාදයට එක්විය.
2015 වසරේදි මෙන්ම මෙවරද සුළුජාතින්ගේ ඡන්ද විසින් ආනාගත ජනාධිපතිවරයා තෝරාගැනිමට තිරාණාත්මක සාධයක්ව ඇතැයි දේශපාලන සමාජය තුල මේ වන විට පොදු කරුණ බවට පත්ව තිබේ.
ලබා දුන්නේය
අරලියගහ මන්දිරයේ පැවති එම භෝජන සංග්‍රහයට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා මෙන්ම ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායකයින්ද පැමිණ සිටියේය.
මේ අතර ඊයේ පස්වරුවේ මාතර පැවති රැලියට සහභාගි වු මැතිඇමතිවරුන් අතරින් සජිත් ප්‍රේමදාස, මංගල සමරවීර, හරීන් ප්‍රනාන්දු, බුද්ධික පතිරණ හා දිලිප් වෙදාරච්චි ඇතුළු කිහිපදෙනෙකු හැර අන් සියලුදෙනා මෙම භෝජන සංග්‍රහයට සහභාගි වි සිටියේය.