රනිල්ට ප්‍රජාතන්ත්‍රවාදය කියා දෙන්න යන මෛත්‍රි ඡන්ද 19ට ත් මන්ත්‍රිධුරයක් දිලා !

0
97

ballotරනිල් ප්‍රජාතන්ත්‍රවාදි නැතැයි රටපුරා කියාගෙන යන මෛත්‍රි හරි අපුරු නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ගැන පාඩමක් රටටම දැන් උගන්වා ඇත.
එනම් ඡන්ද 19 ක් පමණක් ගත් පුද්ගලයෙකු ප්‍රධාන නගරයක මහනගර සභාවක මන්ත්‍රිවරයෙකු බවට පත්කිරිමෙනි.
එම නගරයේම එම පක්ෂයෙන් ඡන්ද 800 ක් ගත් අයෙකු සිටියදි මෛත්‍රි මෙසේ ඡන්ද 19කට ප්‍රජාතන්ත්‍රවාදය ලඝු කළේ අන් කිසිවක් නිසා නොව මීගමුවේ කළු සල්ලි රාජාගේ ඉල්ලිමට කන්දිම වෙනුවෙන්ය යන්න අද ප්‍රසිද්ධ රහසකි..
ඒ වෙනුවෙන් ලද වරදාන තෑගි ගැන අපි දැනට මෙහි සටහන් නොතබමු.
එහෙත් අපි ටිකින් ටික ඒවා රටට කියන්නෙමු.
මාර්තු 23 වනදා මීගමුව මහනගර සභාවට කෙසෙල් ඇවරියෙන් මන්ත්‍රිධුරය ලබාගෙන එන තැනැත්තා ඡන්ද ලබාගෙන ඇත්තේ 19 ක් පමණක් බව කියා සිටින්නේ එම පක්ෂයෙන්ම වැඩි ඡන්ද  ගත් අයම විසින්ය.මේ එක් අයෙක් ඡන්ද 800 ක් ද අනික් තැනැත්තා ඡන්ද 600 ක් ලබාසිටි.
කෙහෙල් ඇවරිය රටේම වැඩිම ඡන්දය ලබාගත් අය සිටින්නේ ද මීගමුවේ යැයිද කියැවේ.
රනිල්ගේ  ප්‍රජාතන්ත්‍රවාදය ගැන රටපුරා යමින් කියන එක්සත් ජාතික පෙරමුණේ කෙහෙල් ඇවරි නායක මෛත්‍රි ගුණරත්නගේ ප්‍රජාතන්ත්‍රවාදයේ තරම මීගමුවෙන්ම දැනගන්න.