රනිල්ව පන්නන්න බලා සිටි ජනපති කාර්යාලයේ කුමන්ත්‍රණකරුවෝ පරාජය වෙති !

0
185

මෙවර මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය පරාජයට පත් කර එජාප නායක රනිල් වික්‍රමසිංහව පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වටා කැ‍රැකෙමින් සිටින කුමන්ත්‍රනකරුවන් කිහිප දෙනෙකු ගත් උත්සාහය පරාජයට පත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද දායකයන් සමත් වී ඇත.මහ මැතිවරණයෙන් මේවන විට එජාපය වැඩි ආසන සංඛ්‍යාවක් ලබා ආණ්ඩුවක් ඵි‍ටුවීම සඳහා වැඩි සුදුසුකම් සපුරා තිබේ.

මේ කුමන්ත්‍රණය ගැන තොරතුරු ‍රැසක් මීට පෙර අවස්ථා කිහිපයකදීම අප විසින් හෙළි කරනු ලැබීය. සිරස රූපවාහිනියේ අයිතිකරු කිලී මහරාජා, ශිරාල් ලක්තිලක, අශෝක අබේසිංහ, අතුරලියේ රතන හිමි, සජිත් ප්‍රේමදාස , මලිත් ජයතිලක , ගෝඨාභය රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක රනිල් වික්‍රමසිංහට අගමැතිධුරය ලබා නොදී පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමේ කූට වැඩ පිළිවෙලක නිරත විය.

රාජ්‍ය බුද්ධි අංශ හා තවත් සමීක්ෂණ වාර්තා අනුව සන්ධානය ජයග්‍රහණය කරන බව උපකල්පනය කර මෙම සැලසුම ක්‍රියාවට නගා තිබිණි. සන්ධානය කෙරෙහි කළකිරුණු ඡන්ද දායකයාට වෙනත් පක්ෂයකට ඡන්දය නොදී ඒ ක‍ටුගා දමන ලෙස ඉල්ලීමට තරම් මේ කුමන්ත්‍රණකරුවො පහත් තත්වයකට ඇද වැටිනි.

මෙම බුද්ධි අංශ වාර්තා නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද කලබල වී මහින්ද රාජපක්ෂට අගමැති කම නොදෙන බව ට ලිඛිත ලියැවිල්ලක්ද රාජපක්ෂ මහතාට ලබා දුන් අතර සන්ධානයේ හා ශ්‍රී ලනිපයේ ලේකම්වරු ඇතුළු මධ්‍යම කාරක සභිකයන් 23 දෙනෙකු ඉවත් කර රාජපක්ෂ පාර්ශ්වයට මුහුණ දීම සඳහා සූදානම්ද විය. එහෙත් ජනාධිපතිවරයාගේ මෝඩ උපදේශකයන්ගේ උපදෙස් නිසා ගත් මෙම දේශපාලන තීන්දු සන්ධානයේ පරාජය සඳහා දැඩි බලපැමක් සිදුවිය.
http://www.lankadaily.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here