රනිල් ගේ මඩු කතාව සහ කාදිනල් හිමි ගේ රජ කතාව

0
255

කොළඹ අග රදගුරු පදවියේ ගිහි ප්‍රජාව වෙතින් පවා කැට මුගුරු එල්ල වන එම්මානුවල් ප්‍රනාන්දු මන්නාරම රදගුරුතුමන්ගේ ජාතිය ජන්මය කුමක් වුව ද එතුමන් අගනුවර කේන්ද්‍රගතව මූලික සහ ද්වීතීයික අධ්‍යාපනය ලබා රෝමය සහ ඇමරිකාව ආදී රටවල විශ්ව විද්‍යාල මඟින් උපාධි සහ පශ්චාත් උපාධි හිමි කර ගත් විද්වතෙකි

එමෙන්ම එතුමා වර්ගවාදී හෝ ගෝත්‍රවාදී ළාමක චින්තනය ඉක්ම වූ ප්‍රබුද්ධ හා ප්‍රභාෂ්වර මනැසකින් යුතු විද්වතෙකි. එමෙන්ම මා පේරාදෙණිය සරසවියේ අධ්‍යාපනය ලැබූ 1990 දශකයේ එහි දර්ශන අංශයේ කථිකාචාර්ය පදවියක් හොබවමින් වර්ගවාදයේ නිසරු බව අපට මනාව ප්‍රත්‍යක්ෂ කළ වත්මන් මහනුවර රදගුරු සහ හලාවත වැඩ බලන රදගුරු වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන් බුද්ධ ධර්මය සම්බන්ධයෙන් පවා පශ්චාත් උපාධි හිමි ව ඇති විද්වතකු බව බොහෝ දෙනෙක් නොදනිති.

“සාමය ඇති කරන්නෝ භාග්‍යවන්තයෝය; ඔව්හු දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ය යි කියනු ලබන්නෝය”. ( ශු. මතෙව් 5 : 9 )යන ශුද්ධ වූ බයිබල් වැකිය පදනම් ව කිසි විටෙකත් පවත්නා දේශපාලනයේ ඇලීමට හෝ ඒ සමඟ ගැටීමට පෙරට නො එන එතුමන් ලා ඉහත බයිබල් වැකිය අනුවම දෙවියන් වහන්සේගේ පුත්‍රයන් ලෙස හැඳින්වීමට යමකුට පුළුවන. නමුත් අපගේ මෙම ලිපිය මඟින් මන්නාරම මඩු සිද්ධස්ථානයේ අගෝස්තු 15 පැවති වාර්ෂික මංගල්‍යය අමතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආගමික සන්දර්භයෙන් බැහැර කතාව සේම ඔහු ඊට සහභාගී වූ අන්දම කෙසේ වත් අනුමත නොකරමු.

එමෙන්ම පසුගිය 27 වන ඉරිදා රාගම තේවත්තේ ජාතික බැසිලිකාවේ පැවැති රෝගීන් ආසිරි ගැන්වීමේ දේව මෙහෙයට එක් වූ කොළඹ අදරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නූතන ප්‍රජාතන්තවාදී පාලන ක්‍රම ලොව එළි දැකීමටත් පෙර මෙරට පැවැති වැඩ වසම්වාදී පාලන ක්‍රම අයයමින් කළ කතාව ද අපගේ බලවත් කුකුසට හේතු වෙයි.

ඒ එවන් තත්වයක් යටතේ තමන් සතු කොළඹ අග රදගුරු පදවිය දෙසින් මන්නාරම රද ගුරු පදවියට ගල් මුල් එල්ල වන විට ඉවසා වදාරන කොළඹ අදරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිය ඊළඟ දෙසුමක දී වත්මන් ජරා ජීර්ණ දේශපාලන සංස්කෘතිය පිටු දැක අනාගතයේ රට බේරා ගැනීමට දකුණෙන් බිහිවන නාමලක් වන් සුපිරිසිදු රජ කුමරකු ගැන කලියුග දිවැසි වර වැකියක් පැවසීමේ මනා ඉඩ ප්‍රස්ථාවක් පවතින බැවිනි.

vinivida.lk