රනිල් දිනවන්න, හරින් මීගමුවට එයි ! 

0
193

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ස්වාධීන අපේක්ෂක, ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කිරීමේ රැස්වීමක් ඊයේ එනම් (12) දින සවස මීගමුව කඩොල්කැලේ, කියුපික් ගාර්ඩ්න් හෝටලයේදී පැවැත්විණි. මෙම රැස්විම සංවිධානය කර තිබුනේ මිගමුව සහ කටාන අධික්ෂක සංවිධායක රොයිස් ප්‍රනාන්දු විසිනි.මෙහි ප්‍රධාන ආරාධිත කථිකයා ලෙස සහභාගි වූයේ හිටපු සංචාරක, ඉඩම් හා ක්‍රීඩා අමාත්‍යවරයාවු සහ වර්තමාන ජනාධිපති උපදේශක හරින් ප්‍රනාන්දුය.

එහිදී රොයිස් විජිත ප්‍රනාන්දු මහතා දැක්වූ අදහස්
” ” අද මෙතනට ඇවිල්ලා ඉන්නේ අපේ හිටපු අමාත්‍යවරයෙක්, සංචාරක අමාත්‍යවරයා .එතුමා දක්ෂ තරුණ නායකයෙක්. එතුමා ගැන යමක් කියන්න ඕනේ. මම හිතන්නේ මේ දේශපාලන ගමනේ පාස්කු ප්‍රහාරයේ වැඩියෙන්ම මඩ කැවේ එතුමා. මම ඔය එඬේරුන් ගැන කතා කරන්නේ නෑ. මොකද ඔය එඬේරුන් ගැන කතා කරන්න, මම සෙමෙන්රියේ හිටපු එකෙක්, ස්වාමි කෙනෙක් වෙන්න. මම කිව්වොත් කට ඇරියොත් කිඹුලා ඇරියා වගේ තමයි. ඒ නිසා මම කතා කරන්නේ නැත. මම අද වෙනකම් පාස්කු ගැන කතා කෙරුවේ නැත. පල්ලි ගිය එවුන් වැරදිකාරයෝ. අපේ පල්ලි ගිය එවුන්. වැරදිකාරයෝ. ඒකට මං කතා කරන්නේ නෑ.මොකද මම ඒකට පුල්ස්ටොප් එකක් තියලා තියෙන්නේ. අපි දන්නවා සැබෑ සත්‍යය. මොකද්ද වුනේ, හැසිරිච්ච විදිය. අහිංසක මිනිස්සුන්ගේ ජීවිත, ඇස් කන් ඇට මස් මාංශ දන් දුන්නා.ජේසුට ආදරේට අපි පල්ලි ගියේ. හැබැයි මතක තියාගන්න එක දෙයක්,හොඳට මතක තියාගන්න, කතෝලිකයිනි, අපි අදහන්නේ රතු මුහුද දෙබෑ කරපු දෙවියන්ව. අපි අදහන්නේ යෝෂුවා සටන් කරන වේලාවේ ඉර නතර කරපු දෙවියන්ව. අපි අදහන්නේ පාරාවෝ ඉදිරියේ මෝසස්ගේ සැරැටිය මහා නාගයෙක් කරපු දෙවියන්ව. ඒ නිසා පාරාවෝට පිඬා දහය ගෙනල්ලා ඊශ්‍රායල් වරුන්ව ගලවාගත් දෙවියන්ටයි, අපි පහන තියන්නේ ඔය එකෙකුටවත් කෙළවෙන වෙලාව හොයන්න හම්බවෙන්නේ නෑ. හරි , ඒක නිසා බය වෙන්න එපා යුක්තිය උඩින් හෙවනැල්ල වගේ එනවා.ඒකට වෙලාව ගන්නවා.ඒකට වෙලාව තියෙනවා.ජේසු කුරුසේ ඇන ගහලා මරලා පහුවෙනිදාම නැගිට්ටේ නැහැනේ බං. පැය 72ක් ගියානේ. හැම දේකටම වෙලාවක් තියෙනවා. වෙලාවට ටොපිය එනවා, ටොපිය එනකන් ඉන්න .ඒක එනවා. ලස්සනට එනවා. ඒ ගැන බයවෙන්න එපා. මොකද දෙවියන් ජේසුව පහුවෙනිදාම නැගිට්ටෙව්වේ නෑහැනේ.පැය 72ක් ගියා. හැමදේටම වෙලාවක් තියෙනවා. ඒක නිසා ඒ ගැන බයවෙන්න එපා. එහෙනම් මම වැඩිදුර කතා කරන්නේ නෑ. කරපුවා තමන් ගෙනියන්න ඕනානේ. උනානේ. රට රටවල් පිළිගන්නේ නැතුව ඒ ප්‍ලයිට් එකේ නගිනවා.ඒකෙන් මේකට නගිනවා, මේකෙන් ඒකට නගිනවා.ඔක්කොම යනවා වටේ.ඒක නිසා වැඩිදුර කතා කරන්නේ නෑ හරින් ඇමැති තුමනි, ඔබතුමා මේ ස්ථානයට පැමිණීම පිළිබඳව සමස්ත මීගමුව ජනතාවගේ, බල මණ්ඩලයේ අපේ ගෞරවනීය ස්තුතියි ඔබතුමාට පිරිනමනවා.” ”