( 8.30 am ) නිමල් ලංසාගේ දේශපාලන අනාගතය නන්නත්තරා කරමින් හෙන්රි රොසරියෝ ප්රමුඛ මිගමුවේ ජාතික ජනබලවේගය දැවැන්ත ජයක් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදි අත්කර ගත්තේය.
මීගමුවට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් අහිමිව ගියද ලංසා පවුල පාර්ලිමේන්තු දේශපාලනයෙන් අතුගා දමන්නට හැකිවිම වෙනනම ජයග්‍රහණයකි.
ඒ සදහා මිගමුවේ ජාතික ජන බලවේගය තුල දැවැන්ත ක්‍රියාකාරින් පිරිසක් ක්‍රියාත්මක විය.
බිච් පාක් කුමන්ත්‍රණය ද ඇතුළු වංචා දුෂණ රැසකට එරෙහිව මිගමුවේ කොමසාරිස්වරිය නිර්භිතව ක්‍රියාත්මක වෙමින් සිටියද රනිල් වික්‍රමසිංහගේ පාලනය තුල ඉඩම් පිළිබදව තනතුරු දරමින් ජනාධිපති ලේකම් කාර්යාලය තුල ක්‍රියාත්මක වු නිලධාරිණියක් මිගමුවේ ඉහල තනතුරකට පැමිණිම මිගමුවේ ජාතික ජනබලවේගයේ ක්රියාකාරින්ව ද විමතියකට පත්කර ඇත
මේ ක්‍රියාත්මක වෙමින් ඇත්තේ එළියට නොපෙනෙන අභ්යන්තුර කුමන්ත්‍රණයක් ද යන සැකය මිගමුවේ දේශපාලන යථාර්තයන් ගැන දැනුවත් බහුතරයකගේ පිළිගැනිමයි.
මිගමුවේ හිටපු සහකාර ප්‍රාදේශිය ලේකම්වරියකද වු ඇයව පිළිගැනිම සදහා මිගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සේවකයන් 20 කට අධික පිරිසක්ද මේ වන විට මහනගර සභා පරිශ්‍රයට පැමිණ ඇතැයි අපගේ ආරාංචි මාර්ග දක්වා සිටි
එළඹෙන්නේ මැතිවරණ සමයකි.
මිගමුවේ ප්‍රාදේශිය ලේකම්වරියද ප්‍රසන්නලා විසින් පත්කරපු අයෙකු බව කියැවෙන අතර ඇයද බිච් පාක් ගණුදෙනුවේදි කඩිනමින් ක්‍රියාත්මක වි දැනට සිදුවෙමින් ඇති නිති විරෝධි කප්පම් ගැනිලි නැවැත්විමට පියවර ගන්නා බවක්ද තවමත් නොපෙනේ.
මින් කියැවෙන්නේ තුනෙන් දෙකේ රාජ්‍ය බලයට යටින් පාර රාජ්‍යය ක්‍රියාත්මක වෙමින් ඇති බවද ?