රම්සි Ramzy Razeek උඹ හොඳින් ද?

0
243

රම්සි

රම්සිය.. වැදගත් මනුස්සයෙක්.
ජාති වාදියෙක් නෙමෙයි.
එයාව අන්තවාදියෙක් විදියට හංවඩුගසල දඩුවම් දෙන්න හදනවා නම් ඒක බරපතල අනවබෝධයක්.
ලංකාවේ මුස්ලිම් මිනිහගෙ අදහස සිංහලෙන් කියවන්න හැකි හොඳම චරිතයක් රම්සි.
රම්සි එක්ක හොඳ සංවාදයක් සිංහල ජනසමාජය එක්ක තිබ්බෙ. ඌ ආගමිකයි.
ඒත් අන්තවාදී කියන්න බැහැ.
අන්තවාදයට සූදුහූණු ගානව වගේ යැයි සමහරු රම්සිට චෝදනා කලත්, ඒ රම්සිගෙ වරදක් නොව, ඒ ආගම හා එහි අභිචාර විධි ගැන බැතිමතෙකු ලෙස විග්රහ කරන විට පේන ස්වරූපය.
ආගම් කෝක අම්බානක අදහන්න ගත්තත් අන්තවාදී තැනක් තමයි තියෙන්නේ.
මුස්ලිම් ආගමේ ඒ ස්වරූපය වැඩියි සහ බියකරුයි.
නමුත් රම්සි සිය සහෝදර ජනතාව අතුරින් අන්තවාදයට සමීප යැයි සිතිය හැකි කොටස් ද අන්තවාදයෙන් වියුක්ත තැනකට ගන්න කටයුතු කළ චරිතයක්.. පුද්ගලයෙක් විදියටත් ජාතිවාදකින් තොර ආදරණීය මිනිහෙක් ❤️. ඒ කමියුනිටි එකේ නාඩිය ස්පර්ශය කරන්න, රම්සිගෙ හඩ අවශ්යයි.
එය යහපත් ලාංකේය ජාතිකත්වයකට උදව්වක්..
(සමනොළ විජේරත්නගේ  මුහුණු පොතෙනි )