රලු දැවයෙන් සියුම් රටාවන් මවන බන්ඩාර

0
659
DSCF4673පිරිස් බණ්ඩාර මහතා මීගමුවේ සිටින  බිරලු කර්මාන්තයේ හසල හැකියාවක් ඇත්තෙකු වන අතර ඔහු මෙම කර්මාන්තයට යොමුවී ඇත්තේ 1979 දීය. මෙම කර්මාන්තය  කුඩා  මැෂින් භාවිතා කර ඉතා සුලුවෙන් ආරම්භ කළ කාර්මාන්තයකි. මීපුර පුවත්පත වෙනුවෙන් ඔහු සමග කළ කතා බහ පහත පළවේ.
ඔබ මේ බිරලු කැපීමට  යොමු වු ආකාරය ?
        1979 විතර පොඩි මැෂින් දාලා තමයි මම මේ බිරලු කර්මාන්තය පටන් ගත්තේ.
පොඩියට තමයි මෙ ව්‍යාපාරය ආරම්භ කළේ.  ඒ දවස් වල.බිරලු ඉගෙන ගත්තේ පාසලෙන් ඉවත් වුවත් සමගමයි.  රජයෙන් පවත්වන ලද ජාතික ආධුනිකත්ව වැඩමුළුවකට සහභාගි  වෙලා තමයි බිරලු නිර්මාණය කිරිමට පුරුදු වුනේ.
ඔබ විසින් නිර්මාණය සදහා යොදා ගන්නා  දැව වර්ග ලබාගන්නේ කෙසේද ?
        ලී වර්ග  පාරිභෝගිකයන් විසින් ලී රැගෙන එනවා. නැත්නම් ලී මඩු වලින් ගෙන්වා ගන්නවා. කොහොඹ,  හල්මිල්ල වගේ ලී වලින් තමයි මේ නිර්මාණ කරන්නේ.
බිරලු නිර්මාණයක් සදහා කොච්චර කාලයක් වැය වනවාද ?
 ලොකු නිර්මාණයක් සදහා දවස් 2ක් විතර වැය වෙනවා.
කුඩා නිර්මාණයක් දවසින් ඉවර කරන්න පුලුවන්.
පාරිභෝගිකයන්ගේ ඉල්ලුම කොහොම ද  ?
පාරිභෝගිකයන්ගේ ඉල්ලුම හොදයි. කාලයක් තිස්සේ පැමිණෙන  පාරිභොගිකයන් ඔවුන්ගේ  වැඩ කර ගැනිම සදහා මා ළගට එනවා.
බිරලු කර්මාන්තයට යොමු විමට කැමති ආධුනිකයන්ට ඔබට මොනවාද කියන්න තියෙන්නේ?

මගෙන් ඉගෙන ගත්තු ආධුනිකයන් ගොඩක් ඉන්නවා එයාලා දැන් එ් කර්මාන්ත ආරම්භ කරලා ගොඩාක් හොද තැන් වල ඉන්නවා.  ආධුනිකයන්ට කියන්න තියෙන්නේ මේ කර්මාන්තයෙන් ජිවත් විමට පුලුවන්  අද්‍රායමක් උපයා ගන්න පුලුවන් කියලා තමයි.

පීරිස් බන්ඩාර මහතාගේ දු.ක. – 077 6494226

[divider]
සටහන – සොනාලි මධුෂානි / ඡායාරූප – සිතුමි නවෝදා
[divider]
DSCF4663

DSCF4650DSCF4671DSCF4652

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here