රවිරංජිත් ගම යහමගට වෙනස් කරන මගට උරදෙන රන් මිතුරෝ෴

0
184

IMG-20191224-WA0008

කටාන, අක්කර 50 ,රවිරංජිත් ගම්මානයේදී ඊයේ (23) විශේෂ සංස්කෘතික වැඩසටහනක් පැවැත්වින. ගමක් වශයෙන් ගත්විට විවිධත්වයක් සහිත ගමකි. මෙම වැඩසටහන තුළද විශේෂත්වයක් තිබින . න්‍යාය පත්‍රය පවා සකසා තිබුනේ පැරණි සන්නසක ආකාරයෙනි. එය විශේෂ බඳුනක දමා ආරාධිත අමුත්තන්ට පිළිගන්වන ලදී . අලංකාරවත් ඇඳුමින් සැරසුණු තරුණයෙකු සහ තරුණියක විසින් වැඩසටහන මෙහයවන ලදී . මෙහි තවත් විශේෂත්වයක් වූයේ දේශපාලකයින් සහභාගී කර නොගැනීමයි . බාල, මහළු , තරුණ සියළු දෙනා මේ සඳහා සහභාගී විය. ප්‍රධාන අමුත්තා වූයේ කටාන ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සහකාර ලේකම් තුමිය වන ප්‍රියංකා කොඩිතුවක්කු මහත්මියයි .
වැඩසටහන තුළ තරුණ්‍යයේ හැකියාව මොනවට පැහැදිළි විය. ආරම්භක පූජා නර්තනය මෙම
ගම්මානයේ දැරියන්ගේ ඉහල මට්ටමක දක්ෂතාවය මතු කරන එක් අවස්ථාවකි . මේ සියළු අංග ගත්විට වැදගත්ම කාරණය වන්නේ ඉතා අඩු කාල පරාසයක් තුළ මෙවැනි ගමක මෙවැනි කටයුත්තක් සංවිධානය කිරීමට මෙම තරුණ පිරිස සමත්වීම පිළිබඳවයි .

මෙම අවස්ථාවට ජයසුදර්ශනාරාමයේ , කයිකාවල ඤාණදස්සී හිමි , බෝලවලාන මීසම් පාලක පියතුමා වන ටෙරන්ස් බෝධියාබදු පියතුමා , කඳසුරිඳු ගම කතරගම දේවාලයේ රාජේන්ද්‍ර ස්වාමි පූජක තුමා , ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී ගාමිණී පුෂ්පකුමාර මහතා , කටාන ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ තරුණ සේවා කටයුතු බාර එරංග මහතා යන අය ආරාධිතයින් ලෙස සහභාගී විය .
තරුණ පිරිසක් මෙසේ එකමුතුවී රන් මිතුරෝ නමින් සංවිධානය වී මෙම රවිරංජිත් ගම යහමගට වෙනස් කිරීමට ගන්නා උත්සාහයට අපගේ සුභ පැතුම්ද එක් කරමු.