රවී එළවූ වෙබ් කාරයා කවුද ?

0
167

ravi-640x400අමාත්‍ය මණ්ඩලය සංශෝධනය සිදුකලේ තමන් බලයට ගෙන ඒමට මුල් වු සිවිල් සංවිධානවල හා පොදු ඉල්ලීමක් මත බවත් ඇතමුන් කරන ප්‍රකාශ ගැන තමා කණගාටු වන බවත් ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කල බව අද (03) ‘ලංකාදීප’ පුවත්පත වාර්තා කොට ඇත.

පසුගිය දින කිහිපයේදිම රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ පුත් චතුර සේනාරත්න මන්ත්‍රීවරයා දිගින් දිගටම පැවසුවේ තමන් ඇතුළු සිවිල් සංවිධාන එක්ව දූෂිත අමාත්‍යවරුන් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි අතර ඒ අනුව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා මුදල් අමාත්‍ය ධූරයෙන් ඉවත් කල බවයි.

කෙසේවුවද, රවී කරුණානායක මහතා ලංකාදීප පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් පවසා ඇත්තේ වෙබ්කරන කෙනෙක් ඇති බවත්, තමාට මුදල් අමාත්‍ය ධූරය අහිමිවීමට ඔහුගේ ක්‍රියා කලාපයන් හේතුවූ බවයි.
“තව ඉන්නවා වෙබ් කරන කෙනෙක්. ඒ පැත්තට යනවා මේ පැත්තට යනවා. මේ ගොල්ලො දවල් මිගෙල් රෑ ඩැනියෙල් කට්ටිය.”
ඒකාබද්ධය රවි ගැන පොතක් ලියයිමේ අතර ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රිවරයකු මේ දිනවල “රවිගේ විශ්වාසභංගය” නමින් හිටපු මුදල් ඇමැතිවරයා සම්බන්ධව  ග්‍රන්ථයක් සම්පාදනය කරමින් සිටින බව ‘මව්බිම’ පුවත්පත වාර්තා කරයි.

හිටපු මුදල් ඇමැතිවරයා එම ධුරය දැරූ කාලයේදී සිදුකරන ලද බොහෝ ගනුදෙනු හා අක්‍රමිකතා රැසක් හා විවිධ තොරතුරු එම ග්‍රන්ථයට ඇතුළත් කරන බවත් ග්‍රන්ථයේ කර්තෘ මන්ත්‍රිවරයා ‘මව්බිමට’ පවසා ඇත.
www.srilankamirror.com