රවුෆ හකීම් දේශද්‍රෝහීත්වයේ සිට දේශප්‍රේමිත්වයට??

0
266

FL05RAUFFHAKEEM

එක්සත් ජාතික පක්ෂය විසින් සිය ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීමේ ගැටළුව හේතුවෙන් මේ දිනවල එජාපය සමග කලකිරී සිටින ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ රාවුෆ් හකීම් මහතාට පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දුරකථන ඇමතුමක් ලබාදී ඇති බව වාර්ථා වෙයි.

එහිදී දෙදෙනා අතර ඉතා සුහද කථා බහක් ඇති වී ඇත. එජාපයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා පත්කරන්නේ නම් ඊට සිය අකමැත්තද හකීම් මහතා විසින් පසුගියදා ප්‍රකාශ කලේය.

කෙසේ වෙතත් වත්මන් දේශපාලන තත්වය මත ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය ‘දේශද්‍රෝහී’ ගොඩේ සිට ‘දේශප්‍රේමී’ ගොඩ දක්වා පිම්මක් පැනීමට කටයුතු කරනු ඇතැයි සැක පහළ වී ඇත.එය එසේ වුවහොත් හකීම්ලාගේ දේශප්‍රේමී බෞතීෂ්මය, ගෝඨාට අහිමි වී ඇති මුස්ලිම් ඡන්ද බහුතරයක් දිනා ගැනීමට සමත් වනු ඇත.