රස්නය අස්සෙන් ,වැස්සත් එයි

0
168

 

අද දිනයේදී උණුසුම් කාලගුණයක් පැවැතියද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම, සබරගමුව හා වයඹ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැස ඇතිවිය හැකි බවත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සෙසු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියි.