පසුගිය අගෝස්තු 19 වනදා පැවැති අපොස උසස් පෙළ රාසයන විද්‍යා දෙවන කොටස ප්‍රශ්ණ පත්‍රයේ විභාගයට කලින් පිටවී ඇති බවට පැතිරුණු පුවතට සම්බන්ද පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයාගේ පියා හා සහෝදරයෙකු මේ වන විට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එදින ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාල විභාග මධ්‍යස්ථානයේ අදාල රායන විද්‍යා ප්‍රශ්ණ පත්‍රය අවසන් වී සුළු මොහොතක් ඇතුලත විභාග දෙපාර්තමේන්තුව විසින් ලබාදුන් ප්‍රශ්ණ පත්‍රයේ ප්‍රශ්ණ කිහිපයක් එලෙසින් අඩංගු අත් පත්‍රිකාවක් සිසුන් අතට පත්වී තිබනවා. එම අත් පත්‍රිකාවේ සදහන් වී ඇත්තේ විභාග දෙපාර්තමේන්තුව විසින් දුන් ප්‍රශ්ණ පත්‍රයේ සදහන් වූ ප්‍රශ්ණ තමන් විසින් තම උපකාරක පන්තියේදී සාකච්ඡා කල බවයි.
කෙසේ හෝ මේ වන විට සිදුවීමට අදාල උපකාරක පන්නි ගුරුවරයා ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයිද වාර්ථා වනවා.