රස ගුණ පිරි , කුමාර පලතුරු රස විඳිමු

0
439

DSC_1589-1

මීගමුව,  පරණ  හලාවතපාරේ,  පිස්කල්  හංදිය  නම්  ස්ථානයේ  ඇති  එකම  පලතුරු  කඩය  සහ  බීමහල  නමින්  හඳුන්වනුයේ  කුමාර  පලතුරු  බීමහල  නමින්ය.  මේ  දිනවල  දැඩි  අව්රස්මිය  නිසා  මේ  ස්ථානයට  පැමිණෙන  පිරිස  විශාලය.  මිල  අඩුවෙන්  පලතුරු  බීමට  සහ  කෑමට  හැකි  ස්ථානයක්  ලෙස  ප්‍රකට   මෙම ස්ථානයට  ගොඩවූයේ   මෙහි  අයිතිකරු   සමඟ  කථාබහකට  අවස්ථාවක්  ලබාගැනීමටය.  මෙහි විවිධ  කටයුතුවල  යෙදෙමින්ම  ඔහු  අප  සමඟ  කථාබහක  යෙදුනේ  මෙසේය.

පලතුරු  ගැන  අහන්න  ඉස්සෙල්ල  ඔබ  ගැන  යමක්  කිව්වොත්…

මම එච්.  ඒ.  ඩී.  මර්වින්.  කටාන  ,  දිසාගෙවත්ත  තමයි  ගම.  මීට  ඉස්සෙල්ල  බන්දුල  මාකට්එකේ  පලතුරු කඩයක්  කළා.  2010දි  වගේ  තමයි  මෙතන  කඩේ  පටන්  ගත්තෙ.මට  දරුවො  තුන්දෙනෙක්  ඉන්නවා.  ඒගොල්ලො  රස්සාවල්  කරනවා.  මම  මේ  ව්‍යාපාරෙ  කරගෙන  ඉන්නවා. මේ   වගේ  ව්‍යාපාරයක්  තනියම  කරන්න  අමාරුයි.  ඒ වුනත්  මම  දරුවන්ව  සම්බන්ධ  කර  නොගෙන  තමයි  මේ  ගමන  යන්නෙ.

මේ  වගේ  වැඩකදි  විශ්වාසය  සහ  පිරිසිදු කම  ප්‍රධානයි.  ඒගැන  කිව්වොත්.

ඊට  අදාල  සියළු  කටයුතු  සකස්  කරලයි  තියෙන්නෙ.  මහජන සෞඛ්‍ය  පරීක්ෂක වරුන්ගේ  අධීක්ෂණය  මත    අපි  කටයුතු  කරන්නෙ.  මේ  සඳහා  අදාල  සහතික  අපිට  තියෙනවා. ඒ  වගේම  කාලයක්  තිස්සේ  ලැබූ  අත්දැකීම්  නිසා  නිසි විදිහට  මේ  ව්‍යාපාරෙ  පවත්වගෙන  යන්න  පහසුවුනා. අපි  විවෘතව  සියල්ල  සිදුකරන්නෙ. මිනිස්සු  රවට්ටල  මේ  වැඩේ  කරන්න  හොඳ  නෑ.

පලතුරු  වර්ග  මොනවද?  කොහොමද  මේ  කටයුතු  සිද්ධ  වෙන්නෙ?

වර්ග නම්  ගොඩක්  තියෙනවා.  අන්නාසි,  දොඩම්,  ගස්ලබු, කොමඩු,  අඹ, අලිපේර,  අනෝද, පිට්ටුකැකිරි,  කිලෝ පේර,  පැෂන්පෘෘට්,  පිටරටින්  ගේන  ඇපල්,  මිදි,  දොඩම්  ආදියත්  තියෙනව.  මේ වන විට  පාසැල්,  දේවස්ථාන වලටත්,  මංගල  උත්සව  ආදියටත්  විශාල  වශයෙන්  පලතුරු බීම  සපයල  දීල  විශ්වාසය  ගොඩනගාගෙන  තියෙනවා. ඒ  වගේම  ඕනෑම  උත්සවයක,  ඕනෑම  ඇනවුමක්  අපි  භාරගන්නවා.

ඉදිරි  බලාපොරොත්තු  මොනවද?

මේ  ව්‍යාපාරෙ  මීට  වඩා  දියුණු  මට්ටමකට  ගන්න  තමයි  බලාපොරොත්තු  වෙන්නෙ.  ඒ  සඳහා  අනුරාධපුරය  වැනි  පලතුරු  තියෙන  ප්‍රෙද්ශවලට  ගිහිල්ල   ඒ  වගාකරුවන්  මුණගැහිල  යම්  ක්‍රමයක්  හදන්න  ඕන.  ඉතිං  ඒවට  තව  සල්ලි ඕනෙ.  නමුත්  මම  ඒගැන  කල්පනා  කරමින්  තමයි  ඉන්නෙ.


සටහන – සැම්සන් ඥානසිරි