රහුමානාබාද් වල තරුණයකු ගෙල කපාගෙන සියදිවි නසා ගත්තේ ඇයි ?…..

0
49

පෙරේදා ( 26 දා ) මීගමුව , රහුමානාබාද් ප්‍රදේශයේ තරුණයෙකු තමන් විසින්ම තම ගෙල කපා ගෙන මියයාමේ සිදුවීමක් වාර්තා විය.
මෙම තරුණයා සිය දිවි හානිකරගෙන තිබුනේ පෝරුතොට තක්කියා පාර ප්‍රදේශයේදිය.

මෙම සිදුවීම පිළිබඳව කම්පාවට පත් කිහිපදෙනෙකුගෙන්ම දැඩි ආවේගකාරී දුරකථන ඇමතුම් කිහිපයක්ම අපට ලැබිණ.

මෙය සාමාන්‍ය සිදුවීමක් නොවන බව ප්‍රදේශවාසීන්ගෙන් ප්‍රකාශ වන හැඟීම් බර අදහස් වලින් පැහැදිළිවේ. මෙම තරුණයාට මුවහත් පිහියකින් තමන්ගේම ගෙල කපා ගතහැකි වූයේ මනස විකෘති වීම නිසාය. මනස විකෘති වී ඇත්තේ ඔහු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූ අයෙකු නිසා බව ප්‍රදේශවාසීන් පවසයි . එපමණක් නොව තවත් තරුණ පිරිස් මෙසේ කණ්ඩායම් වශයෙන් ඒකරාශිවී විවිධවූ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් වශයෙන් හැසිරෙන බවද ඔවුන් පවසයි .

අද වනවිට මෙය සමස්ත සමාජය පුරා පැතිර පවතින අනතුරුදායක තත්ත්වයක් බවට පත්වී ඇත . නමුත් කිසිවෙකු මේ සඳහා නීතිය ක්‍රියාත්මක කරන ආයතන මේ සඳහා මැදිහත් වන ආකාරය ගැන හෝ මෙම මත්ද්‍රව්‍ය අලෙවි කරන පුද්ගලයන් පිළිබඳව, තොරතුරු දැන සිටියද ඒ ගැන විවෘත කතාබහක යෙදීමට බියක් දක්වන බව පෙනේ.

එබැවින් ⁣මෙම තත්ත්වය දඩමීමා කරගෙන කටයුතු කිරීමට සමාජය තුළ ඉඩ කඩක් නිර්මාණය වී ඇත. ඒනිසා ඇතිවන භයානක පසුබිම වන්නේ සමාජය තුළ අදහාගත නොහැකි සිදුවීම් නිතර අසන්නට සහ දකින්නට ලැබීමයි.

ඉහතකී ගෙල කපාගෙන මියගිය තරුණයා පිළිබඳ සිදුවීම එක සිදුවීමක් පමණි . මෙහි අහිතකර ප්‍රතිඵලය වන්නේ සමාජය තුළ විවිධාකාරවූ අහිතකර සිදුවීම් වලට මේ නිසා ඉඩකඩ නිර්මාණය වීමේ හැකියාවක් පවතින බවට ප්‍රදේශවාසීන් අදහස් පළ කරති .

සැම්සන් ඥානසිරි