රළු පොලිස් සේවය තුළ මුදු ගීත ගයන සමන්ත !

0
243

IMG-20190923-WA0000පොලීසිය කියු පමණින් අප හිතට යම් කිසි බියක් ජනිත වන බව සත්‍යකි . එම නිල ඇඳුම නිසා එවැනි තත්වයක් හිතට නැගෙයි . නමුත් ඒතුළ සිටින්නේද මිනිස්සුය . එසේම එම නිල අැඳුම තුළ විවිධ හැකියාවන් ඇති මිනිසුන් ඇත .සමන්ත අපට හමුවූ එවැනි හැකියාවක් ඇති ගායකයෙකි. කාර්‍ය බහුල පොලිස් නිලධයෙකු වන සමන්ත අපට හමුවූයේ උත්සව අවස්ථාවකදීය. එය පවත් වන ලද්දේ මහළු නිවාසයකය. එහි සිටි අම්මා වරු සහ පියවරු සැනසීමට ගීත ගායනා කළ අය අතර සමන්තද ගායකයෙකි . නැවත සමන්ත හමුවූ අවස්ථාවක රාජකාරියේ යෙදී සිටියදී වුනත් යම් කතාබහක යෙදීමට අපට අවස්ථාවක් ලැබින . කුඩා අවධියේ සිට තමන් කලා ලැදියෙකු බවට පත්වූ ආකාරය ඔහු අප සමඟ බෙදාගත්තේ මෙසේය

. මම සමන්ත බණ්ඩාර . දැන් ඉන්නෙ ආඬිඅම්බලමෙ. මගෙ උපන් ගම කුරුණෑගල . දේවගිරිපුර, වලගම්බා විද්‍යාලය තමයි ම⁣ම මුලින්ම ඉගෙනගත් පාසැල. උසස් ⁣පෙල කළේ අඹන්පොළ මහ විදුහලේ . 1996 දි පොලිස් සේවයට බැඳුනෙ. මම විවාහකයි. මට දරුවො තුන්දෙනෙක් ඉන්නවා

පොලිස් සේවය කොහොමද

හොඳයි . අපි කැපවීමෙන් රාජකාරිය කරනවා . යුද්ධය තිබුනු කාලෙ මම මඩකලපුවෙ රාජකාරි කළේ. පස්සෙ පෑලියගොඩටත්, වත්තලටත් මාරුවෙල ගියා. අවසානෙ මීගමුවට ආව. දැන් ජීවත්වෙන්නෙ ආඬිඅම්බලමෙ .

ගායකයෙක් වුනේ කොහොමද ?

5,6 වසර වලදි තමයි කලා වැඩ වලට යොමවෙන්නෙ. පොඩි කාලෙ ගමේ යාළුවො එක්ක එකතුවෙල සිංදු කියනව. ගෙවල් ගානෙ ගිහින් සිංදු කිව්ව . ගමේ උත්සවයක් තිබුනොත් අපි ගිහින් සිංදු කියනව. එහෙම තමයි ගීත ගායනයට යොමු වුනේ.

දැන් ඒපැත්ත කොහොමද ?

දැනුත් අරාධනා කලොත් යනව. සමහරු එහෙම ආරාධනාවල් කරනවා. මේ වෙනකොට මගෙ ගීතයක් යු ටියබ් එකේ යනව කාලයට ඉඩදී බලා කියල. තවත් ගීත කීපයක් ඉදිරියේදි නිර්මාණය වෙනව. පොලිස් සේවයේ ඒකකාරී රටාවෙන් මිදී වෙනස් පසුබිමකට තම හැකියාව විවෘත කිරීම තමයි ඔහුගේ අරමුණ .ඒ සඳහා නව නිර්මාණ තුළින් යම් සමාජ මෙහෙවරක්ද ඉටුකරගැනීමට හැකියැයි ඔහු පවසයි .