රාජපක්ෂලාට එරෙහිව ගොඩනැගෙන පුළුල් පෙරමුණ ගැන කීලිගේ සිහිනය!

0
51

sirasakili

රාජපක්ෂලාගේ පවුල්වාදයට එරෙහිව ගොඩනැගෙන පුළුල් දේශපාලන පෙරමුණට එරෙහිව මේ වන විටත් විවිධ විරෝධතාවයන් මතුවෙමින් තිබේ.
ඒ විවිධ කණ්ඩායම් අතර සිරස හිමිකරු කිලී මහරාජාද වේ.
ඔහුගේ සිරසට අනුව එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විමේදි නව සන්ධානය යෝජනාව සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප වි ඇත.
එහෙත් දැනටමත් මේ පිළිබද අපක්ෂපාතිව වාර්ථා ගෙන මාධ්‍ය වලට එසේ කිසිදු ප්‍රතික්ෂේප වීමක් සිදුව නැත.

නමුත් මේ සම්බන්ධව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් කිහිපදෙනෙකු එම යෝජනාවට විරෝධය දක්වා ඇති අතර එහිදී අජිත්. පී. පෙරේරා සහ සුජීව සේමසිංහ යන අමාත්‍යවරුන් දැඩි ආවේගයෙන් අදහස් දක්වා තිබේ.

ඒ හේතුවෙන් අදාළ යෝජනාව සම්බන්ධව කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්ගේ අදහස් විමසීමක් සිදුකර ඇති අතර එහිදී නව සන්ධානය පිහිටුවීමට අදාළව ඉදිරිපත්වූ යෝජනාව වැඩි ජන්දයෙන් සම්මතවී ඇත. ඒ යෝජනාවට පක්ෂව ජන්ද 35ක් සහ විපක්ෂව 8ක් වශයෙනි.

කෙසේ වුවත් යෝජනාව සම්බන්ධව සංශෝධන ඉදිරිපත් කිරීමට ඇත්නම් ඒ සඳහා හෙට (02) දිනය දක්වා කාලය ලබාදී ඇති බවත් එම සංශෝධන එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් වෙත ලබාදෙන ලෙසත් පක්ෂ නායකත්වය දන්වා ඇති බවත් එම දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.