රාජපක්ෂලාට රැවටුන කාදිනල් හිමියන් පාස්කු වින්ඳිතයින්ට යුක්තිය සොයා ජාත්‍යන්තරයට ?

0
223

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කිරීම සඳහා විදේශීය රජයන් සහ ජාත්‍යන්තර සංවිධාන කිහිපයක් හරහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට (UNHRC) යෝජනාවක් ඉදිරිපත් කිරීමට කතෝලික සභාව සැලසුම් කරන බවත්, එම ප්‍රහාරවලින් වින්දිතයින්ට යුක්තිය ඉටු කරන්න කටයුතු කරන බවත් පැවසු බව ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් 2019 අප්‍රේල් 21 වැනිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයේ පස්වන සංවත්සරය නිමිත්තෙන් ඊයේ බීබීසී සිංහල සේවයට ප්‍රකාශයක් කරමින් මේ බව අනාවරණය කර තිබුණි

වසර පහක් ගතවී ඇතත් එම ප්‍රහාර පිටුපස ඇති කුමන්ත්‍රණය හෝ එහි මහ මොළකරුවන් හෙළි කිරීමට පසුගිය සහ වත්මන් රජය අපොහොසත් වී ඇති බවට  උන්වහස්සේ චෝදනා කළේය.

මේ අතර රාජපක්ෂ පවුල සමගින් මනා සමිප සම්බන්ධතාවයක් පවත්වාගෙන යමින් සිටියදි ලංකාවේ ප්‍රශ්න සම්බන්ධයෙන් ජාත්‍යන්තර මැදිහත්විම් එපා යැයි කියමින් ජගත් මානව හිමිකම් ගැන විවේචන සිදුකරන්නට යෙදුන කාදිනල් හිමියන් පසුගියදා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියේ තමන් ගෝඨාබයට රැවටුන බවය.

රාජපක්ෂ රෙජිමය විසින් මේ රට තම පවුලේ පුද්ගලික බුදලයක් යැයි සිතා කටයුතු කරන යුගයක ඒ මජර පාලනයට GSP+බදු සහනය ලබාගැනිමට කටයුතු කළ ඒ කුප්‍රකට ඉතිහාසය මෙරට මානව හිමිකම් ගරුකරන කිසිවෙකුටත් අමතක නැත.

එදා එපා යැයි කි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන දෙසට කාදිනල් හිමියන්ට යෑමට සිදුවිම යනු සැබැවින්ම දෛවයේ සරදමකි