රාජපක්ෂලා විසින් ඝාතනය කළ රොෂෙන්ගේ 12 වන සැමරුම අද (01)

0
475

අර්ථ සාධක මංකොල්ලයට එරෙහිව 2011 වසරේ දියත් වූ කම්කරු අරගලයේදී රාජපක්ෂ ජුන්ටාව විසින් රොෂේන් ශානකට වෙඩිතබා ඝාතනය කරන ලදී.

තවත් කම්කරුවන් විශාල සංඛ්‍යාවකට බරපතල තුවාල සිදුවිය.

මෙම සිදුවීමට වසර 12ක් ගතවුවද අදටත් ඉටුවූ යුක්තියක් නොමැත.

ජුනි 01 වනදා සවස 5ට නිදහස් වෙළඳ කලාපයේ ඔරලෝසු කණුව අසලදී තවමත් ප්‍රමාද ඒ යුක්තිය වෙනුවෙන් සහ කම්කරු අයිතිවාසිකම් කප්පාදු කරමින් ගෙන එන නීති ප්‍රතිසංස්කරණවලට එරෙහිව නිදහස් වෙළද කලාප සහයෝගීතාවය ලෙස අප පෙනී සිටිමු.
ඔබ සැමගේ සහභාගීත්වය අපේක්ෂා කරමු.

බ්‍රිටෝ ප්‍රනාන්දු