රාජපක්ෂ උද්‍යානයට මින් මැදුරක් – විපක්ෂය විරුද්ධයි

0
55

පසුගිය ජුනි මස 22 වැනි දින මීගමුව මහා නගර සභාවේ මුදල් කාරක සභා රැස්ස්විමේදී මීගමුව රාජපක්ෂ උද්‍යානය සම්බන්ධයෙන් නිර්දේශයට අදාළ වූ යෝජනාවක් පසුගිය ජුලි මස මහා සභාවේදී පරාජයට පත් විය. ඒ අනුව එම යෝජනාව නගර සභා සභා අතුරු ව්‍යවස්ථා සංග‍්‍රහයේ විධිවිධාන ප‍්‍රකාරව පරිචින්න කල යුතු බවත් තවද එම උiාන භූමියේ කොටසක මින් මැදුරක් ඉදිකිරීමටත් එම භූමිය අලංකාර කොට නිර්මාණය කිරීම ස`දහාත් මෙයින් යෝජනා කර ඇත. මේ කාර්්‍යයන් ස`දහා බස්නාහිර පළාත් සභාවෙන් 2011 හා 2012 වර්ෂ වලදී රුපියල් ලක්ෂ 500 ක මුදලක් ලබා දෙන බවට එක`ගතාවයක් ලබා ගත යුතුව ඇත. එම කාර්්‍යයන් ඉටු කර ගැනීම ස`දහා උපදේශක ආයතනයක් ටෙන්ඩර කර තොරා ගත යුතු බවට නාගරික මංතී‍්‍රවරුන් 05 දෙනෙකුගේ ලිඛිත එක`ගතාවය හා අනුකූලතාවය ඇතිව මෙම යෝජනාව මෙවර එනම් ආගෝස්තු 03 වැනි දින පැවති එම මාසික මහා සභා රැුස්වීමට යෝජනා කර තිබිණි. යෝජනාව ඉදිරිපත් කරමින් සේපාල මොරවක මහතා පැවසුවේ මෙම උiානය පෙර පැවති ආකාරයට මෙහි ඉතාම අශෝබන අසභ්‍ය දේ සිදු වූ බවයි. එහිදී පොලිසිය පවා සමහර අවස්ථා වල මෙම උiානයට පැමිණ එලෙස හැසිරුන පිරිස් රැුගෙන ගිය බවත් මේ තත්ත්වය මත හිටපු නගරාධිපති නිමල් ලංසා වර්තමාන බස්නාහිර පලාත් අමාත්‍යවරයාගේ උවමනාව වුයේ උiානයේ එ පැවති තත්වය වෙනස් කිරිම බවද පැවසීය. ඒ නිසාම අශෝබන අසභ්‍ය දේ සිදු නොවන එය නගරයට අලංකාරවත් අකර්ෂනීය ස්ථානයක් බවට පත් කිරීමේ අරමුනෙන් යුතුව බදු දුන් බවද ඔහු පැවසීය. මෙහිදී රොයිස් ප‍්‍රනාන්දු විපක්ෂනායකවරයා පැවසුවේ මෙම ඉඩම නගර සභාවට පරිත්‍යාග කල රාජපක්ෂ මුදලිතුමා මෙය මීගමු ජනතාවට, මල් උද්‍යානයක් ලෙස පවත්වාගෙන යාම ස`දහා පරිත්‍යාග කළ බවයි. එහෙත් මෙය පසුගිය කාලයේ බදු දීමේදී මෙහි ඔප්පුව අස්ථාන ගත කර ප‍්‍රකාශිත ඔප්පුවකින් මෙය බදු දී ඇති බවත් පැවසීය. බදු දීමේදී අදාල බදු දුන් පාර්ශවයෙන් නගර සභාව මුදල් ඇපකරයක් ලබා නොගත් බවත් මෙම කි‍්‍රයාවලිය තනිකරම නීත්‍යානුකූල නොවන පදනමකින් සිදුවී ඇති බවත් ඔහු පැවසීය. එලෙසම මෙය බදු ගත් ආයතනය මෙහි මාසික කුලි නොගෙවීම මත මෙය මේවන විට වසා දමා ඇති තත්වයක ආරක්ෂක ගාස්තු ලෙස මසකට රුපියල් 120000 ක පමන මුදලක් නගර සභාවට දරන්නට සිදු වී ඇති බවත් පැවසීය. මෙය මල් උiානයක් ලෙස පැවතියේ නම් මසකට ටිකට් පත් ලබා දීමෙන් රුපියල් 75000 ක පමන මුදලක් නගර සභාවට උපයා ගැනීමට හැකි බව ද පැවසීය. ඒ නිසා මෙම රාජපක්ෂ උiානය වර්තමානයේදී මෙවැනි තත්වයකට පත් කිරීමට මුලිකවම වගකිව යුත්තේ හිටපු නගරාධිපතිවරයා බවද ඔහු වැඩි දුරටත් පැවසීය. ඒනිසා උiානය බදු දුන් පෙර වතාවේ මෙන් මෙවරද තවත් උගුලකට හසු නොවී බස්නාහිර පලාත් සභාවත් සම`ග මනා අධ්‍යනයකින් යුතුව ගිවිසුම් ගතව මෙම කාර්්‍යය සිදු කල යුතු බවද ඔහු අවධාරනය කලේය. මෙහිදී විපක්ෂයේ ශිරාන් ප‍්‍රනාන්දු මංති‍්‍රවරයා ස`දහන් කලේ රාජපක්ෂ උiානය යනු අක්කර 08 ක භූමියක් බවයි. එම අක්කර 08 ක උiානයේ අසභ්‍ය හා අශෝබන ආකාරයට සිදු වන කි‍්‍රයාවන් පාලනය කර ගත නොහැකිව මේ මහා නගර සභාව එය බදු දීමට කටයුතු කලා යැයි පැවසීම ලැජ්ජාවට කරුණක් බවද ඔහු පැවසීය. එලෙස අක්කර 08 කින් සමන්විත මේ කුඩා උiානයක සිදුවන අසභ්‍ය හා අශෝබන කි‍්‍රයාවන් පාලනය කිරිමට මීගමුව මහා නගර සභාවට නොහැකි නම් 26 දෙනෙකුගෙන් සැදුම් ලත් මෙම නාගරීක මංති‍්‍ර මන්ඩලය ඇත්තෙන්ම ලැජ්ජා විය යුතු බවද ඔහු වැඩිදුරටත් පැවසීය. මෙහිදී පැවති ඡුන්ද විමසීමකදී එයට විපක්ෂව, විපක්ෂයේ සිටි මංති‍්‍රවරුන් 06 දෙනාම මෙම යෝජනාවට විරුද්ධව ඡුන්දය ලබා දුන් අතර යෝජනාවට පක්ෂව ආන්ඩු පක්ෂ මිතී‍්‍රවරුන් 12 දෙනා ඡුන්දය ලබා දුණි.

තුෂාර රොහාන්