රාජපක්ෂ උද්‍යානයෙන් ලක්ෂ 36ක් වංචා කළ නිලධාරීන්ට එරෙහිව කොමසාරිස් පොලීසියට යන්නේ නැත්තේ ඇයි ?

0
270

park-6මීගමුව රාජපක්ෂ උද්‍යානයේ ප්‍රවේශ පත්‍ර නිකුත්කිරීමෙන් ලැබූ අදායම් නැවත බාරදීමේදී එය භාරව සිටි නිලධාරීන් දෙදෙනා විසින් කර ඇති ලක්ෂ 36කට ආසන්න මූල්‍ය වංචාවක් රජයේ විගනන දෙපාර්තමේන්තුව විසින් කරන ලද විමර්ශනයකදී හෙළදරව්වී තිඛේ. ටිකට් කැඩූ මුදල් නගර සභාවට බාරදෙන විට ටිකට් පතේ අනෙක් කොටසත් සමග බාරදීම පිළිවෙත වුවත්  දැනට මාස ගණනක සිට මෙම පිළිවෙත වෙනස් වී මුදල් පමණක්  ගිණුම් අංශය වෙත බාරදී තිඛේ.
රජයේ විගඝනන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මේ සම්බන්ධයෙන් විමර්ශනය සිදුකරන තෙක් මෙම මූළ්‍ය වංචාව පිළිබදව නගර සභාවේ අභ්‍යන්තර විගණන අංශයේ අවධානයට ලක්වී නොමැති විමද විමතියකි. මේ සම්බන්ධයෙන් මීගමුව නගර සභාවේ ගිණුම් අංශයේ නිලධාරීන්ද වගකිවයුතු  අතර මෙම වංචාව සිදුකිරීම ආරම්භ කර ඇත්තේ   2016 ජුනි මාසයේ නගර සභාව විසිරවීමෙන් පසුව බවද තොරතුරු වාර්තා වේ.
මීගමුව රාජපක්ෂ උද්‍යානය අයත්වන්නේ නගර සභාවේ සුබසාධන අංශයට බැවින් මෙම මුදල් බාරගෙන ඇත්තේ  සුබසාධන අංශය බාර උපුල් නමැති පුද්ගලයෙකු වන අතර  මෙම පුද්ගලයාට සෘජුවම මෙම වංචාව නොවැලැක්වීම  පිළිබදව වගකිම පැවරේ.
අනෙක් පුද්ගලයා වන්නේ මිගමුව නගර සභාවේ  ගණකාධිවරයායි. මෙම මූල්‍ය වංචාව පිළිබදව  රාජ්‍ය  විගණන කාර්යාලයේ නිලධාරීන් සොයන තෙක්ම අභ්‍යන්තර ගණකාධිවරයාගේ ඇස් වැසි තිබුණේ ඔහුටත් මෙහි සම්බන්ධයක් තිබු නිසාද යන්න පිළිබදව සාධාරණ සැකයක් මතුවේ.  කෙසේ වුවත් මෙම ලක්ෂ 36  මුදල වංචාකිරීම හොදින් සැලසුම් කර ඇති බවත් මේ පිටුපස ටිකට් කැඩූ පුද්ගලයන් වන කපිල සහ රුවන් යන දෙදෙනාට අමතරව මෙයට සම්බන්ධ තවත් පුද්ගලයන් සිටින බව නගර සභා අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කර සිටී.
මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් මේ වනතෙක් මීගමුව නගර සභාවේ  කොමසාරිස්වරයා විසින් පොලීසිය වෙත කිසිදු පැමිණිල්ලක් සිදුකර නොමැති අතර, මෙම සිදුවීමට සෘජුවම සම්බන්ධ ප්‍රවේශපත් බාරව සිටි පුද්ගලයන් හිටපු නා.මන්ත්‍රී දයාන් ලාන්සාගේ ආධාර කරුවන් බවද වාර්තාවේ.මුදළිදු රාජපක්ෂ තුමන් විසින් මීගමුවේ ජනයාට නොමිලේ පරිහරණය කිරිමට ලබාදුන් මෙම උද්‍යානයෙන් වැඩිම මුදල් ගසා කෑමක් සිදුකොට මෙය විනාශ කිරිමේ  චෝදනාව එල්ලව ඇත්තේ නිමල් ඇතුළු සැම වෙතය.
කලක් මෙය වෙනත් නමකින් බාහිර ආයතනයකට බද දිමෙන් රුපියල් කෝටි ගණනක පාඩුවක්ද නගර සභාවට සිදුකර තිබුණි.එකල මෙය නම් කර තිබුනේ ඩයිනෝ පාක් නමිනි.

රාජපක්ෂ පාක් යන නම පවා වෙනස්කරමින් ඇමති නිමල් ලංසා කටයුතු කිරිම

රාජපක්ෂ උද්‍යානය නැවත ජනතාවට විවෘත කරන ලද්දේ 2015 ජනවාරි මාසයේදී වන අතර හිටපු නගරාධිපති ඇන්ටනී ජයවීර මහතාගේ මූලිකත්වයෙන් මෙය විවෘත කරන ලදී.

 

Save