රාජපක්ෂ උද්‍යානයේ මගඩි රැසක් ?

0
61

Rajapaksha-park-1මේ දිනවල මීගමුවේ   රාජපක්ෂ   උද්‍යානය  නිතර  කථාබහට   ලක්වන  තැනක්   බවට  පත්වී  ඇත.  ඊට   හේතුවී ඇති කරුණු   මීට පෙරද  මීපුර වෙබ් අඩවිය විසින්  ලිපි  ගණනාවක්  මගින්  පැහැදිළි  කර ඇති  නමුත්  මෙහි  පවතින  තත්වය  වෙනස්වී  නැත.
මෙහි අලුත් තොරතුරු වන්නේ  වැඩකරන  අය  අතර  සමගියක්   නැති   හෙයින්   නිතර  බහින් බස්වීම්  ඇතිවන  බවත් ඒවායේ  නිසි  පාලනයක්  නැති බවත්ල එමෙන්ම  මීටපෙරද  සදහන්කළ  පරිදි    අවසරපත්  මගඩිය  තවමත්  පවතින බවයි.
ප්‍රදේශවාසීන් පවසන්නේ    මෙහි සේවය කරන සමහරුන් උද්‍යානයට   පැමිණෙන   ජෝඩු   සමග  යාළුවී   කපටිලෙස   මෙම  අවසරපත්  ලබාගෙන  කුණුකූඩයට  නොදමා  නැවත  අලෙවි  කරන බවයි.
සමහර   යොවුන්වියේ   දරුවන්   මත්පෙති   වැනි  දෑ   භාවිතා  කිරීමට  මෙම  ස්ථානය  යොදාගෙන  ඇතිබවද තොරතුරු පැතිර යමින් තිබේ.
තවත්    එවන්  තත්වයක්  තුළ  මෙම  දරුවන්ට  වැඩිහිටියන්  විසින්  උඩගෙඩි  දීමක්  වන අතර  මේවා  සිදුවන්නේ උද්‍යානයේ   ඇතුලතින්    සහායක්  පවතින හෙයිනි.
පොදු  ස්ථානයක්  ලෙස  මෙම ස්ථානයේ මෙහි පාලනයේ පිරිසිදු තත්වයකින් පැවතිය යුතු වුවද එය එසේ නොවන බව දැන් කලක පටන් අප වෙත ලැබෙමින් ඇති විවිධ පුවත් නිසාම දැන් පසක් වි තිබේ.
මේ සම්බන්ධයෙන් වගකිවයුත්තේ මීගමුව නගර සභාවෙ වර්තමාන පාලනයයි.