රාජපක්ෂ උද්‍යානයේ මුදල් වංචාවට ගැන තවමත් පැමිණිල්ලක් නැත්තේ ඇයි ?

0
74

මීගමුව රාජපක්ෂ උද්‍යානයට ලැබුණ ප්‍රවේශපත්‍ර  ආදායම් ලක්ෂ 36කට ආසන්න මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් මීගමුව නගර සභාවේ  කොමසාරිස්වරයා විසින් මේ වනතෙක් මීගමුව පොලීසිය වෙත කිසිදු පැමිණිල්ලක් ගොනුකර නොමැති බව වාර්තා වේ.මෙම ප්‍රමාදය සම්බන්ධයෙන් කිසියම් කුකුසක් ඇතිවන අතර මෙසේ පැමිණිලි නොකිරීම පිටුපස මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන්ට නීතියෙන් රිංගා යාමට යම්  රැකවරණයක් ලබාදී තිඛේ.
දැනට වසර 3කට පමණ පෙර කොච්චිකඩේ නගර සභාවේ දේපළ තහනම් නිලධාරියෙකු ලෙස සේවය කළ නෙල්සන් හෙට්ටිආරච්චි මහතාට රාජ්‍ය මුදල් වංචාකිරීම සම්බන්ධයෙන් ද මීගමුව නගර සභාව විසින් නඩු පැවරූ අතර ඔහුට අධිකරණය විසින් දඩුවම් ලබාදෙන ලදී. එසේ සිදුකරන ලද්දේ ඔහු විසින් වංචා කරන ලද ඔහු අතින් සිදුවූ ලක්ෂ 2කටත් අඩු මුදල් අවභාවිතාවක්   සදහා  වන අතර මෙම වංචාව සිදුකළ පුද්ගලයින්ටද එවැනිම නීතිමය දඩුවමක් ලබාදිය යුතුය.
රාජපක්ෂ උද්‍යානයේ ප්‍රවේශපත්‍ර ආදායම් වංචාව ආරම්භ කර ඇත්තේ 2016  වසරේ ජුනි මාසයේ සිට වන අතර නගර සභාව විසුරුවා හැරියේද ජුනි මාසයේදීය.