රාජපක්ෂ උද්‍යානයේ ලක්ෂ 34ක් වංචාකළ සේවකයන්ට යළිත් රැකියාව ?

0
82

Rajapaksha-park-1මීගමු මහනගර සභාව යනු වංචනිකයන් විසින් වංචාකාරි ලෙසින් පවත්වාගෙන යන පලාත් පාලන ආයතනයක් ලෙසින් දැන් නම් දරා හමාරය.මේ ආකාරයෙන් වංචාවන් දුෂණයන්  තරඟයට මෙන් කරන්නේ නගරාධිපති දායාන් ලංසා සහ නාගරික කොමසාරිස්වරිය විසිනි.මෙහි අළුත්ම නරිනාටකය වන්නේ රාජපක්ෂ උද්‍යානයේ ප්‍රවේශ පත් වලින් රුපියල් ලක්ෂ 34 ක මුල්‍ය වංචාවක් සිදුකරන ලද සේවකයන් දෙදෙනෙකු හට මේ වන විට නාගරික කොමසාරිස්වරිය විසින් රැකියාව යළිත් වරක් ලබාදි තිබිමය.ඒසා විශාල මුල්‍ය වංචාවක් සිදුව තිබියදි එය පොලිස් විමර්ශනයක් සදහා යොමුකිරිම අනිවාර්යයෙන් කළ යුත්තක්ව තිබුණද ආදාල වංචාකරුවන් දෙදෙනා දයාන් ලංසාගේ සමිපතම ගෝලයන්වන් වන නිසා එසේවුයේනැත.දැන් මේ සියල්ල එසේ තිබියදි යළිත් රැකියාව ලබා දි තිබේ.