රාජපක්ෂ උද්‍යානය මීගමුව ජනතාවට අහිමි කළේ කව්ද..???

0
45

සංස්කෘතික ජිවිතයක් නැති දේශපාලකයන්ට නගරයක පාලනය පැවරුන කල්හි එයට අත්වන ඉරණමට ලංකාවේ කදිම නිදසුනක් වන්නේ මීගමුවයි.මීගමුව යනු බස්නාහිර පාළාතේ වේගයෙන් ඉදිරියට ඇදෙන වෙළද නගරයයි.

දැනට ලංකාවේ පවතින ඉහල පෙලේ බැංකු ශාඛා බොහොමයක් මෙහි ස්ථාපිතය.එමෙන්ම සුපිරි ‍වෙළද සංකිර්ණ ජාලයේ ශාඛා කිපක්ම මෙහි අරභා ඇත. එමෙන්ම ජාත්‍යන්තර  ආහාර ජාලයන්ගේ ආයතනද මෙහි දැන් ස්ථාපිතය . KFC යනු මෙහි පැමණි අලුත්ම ආයතනයයි.

එහෙත් මේ මිගමුවේ පාලනය භාරව සිටින ආණ්ඩු පක්ෂයේ දේශපාලකයන්ට මෙහි ඇති සම්පත් උපරිම හා කාර්යක්ෂම ලෙසින් පලාත් පාලන ආඥා පණතට යටත්ව නිසි ලෙසින් මෙහෙයවිමට කිසිදු උවමනාවක් නැති බව දිනපතා ඔප්පු වෙමින් ඇති කටුක යථාර්ථයයි.

අපගේ අවධානය මේ කරුණ අරභයා මීගමුව රාජපක්ෂ උද්‍යානය කෙරෙහි පමණක් යොමුකරවන්නට කැමැත්තෙමු.මේ උද්‍යානය අක්කර 7 කින් පමණ සමන්විතය. රාජපක්ෂ මුදළිදු එය මීගමුවේ ජනයා හට කිසිදු මුදල් අයකිරිමකින් තොරව පරිහරණය කිරිමට අවශ්‍ය නිතිමය සම්පාදනද සමගින් මීගමුව නගර සභාවට පවරා තිබුනේ අද තමා වැනි මීගමුවේ ජනතාවටඇත්තටම ආදරය කරන පිරිසක් මෙහි පාලකයන් ලෙසින් ඉදිරියේදි පත්වන නොවන බව ඉතා හොදින් දැනගෙන විය යුතුය.

නිමල් ලංසා යනු මීගමුවට බිහිවන දක්ෂ තරුණ දේශපාලකයෙකි.අප දන්නා තරමින් ඔහු මෙරට බිහිවු ලාබලතම  මහනගර සභා නගරාධිපතිවරයාද විය හැක.බැලු බැල්මට ඔහු ට ඇත්තේ මහත්මා පෙනුමකි. ඇදුම පැලදුම් ඉතා පිළිවෙලය.ටයි එකක් නිතරම පළදි.කෑම බිමේදි ද ඔහු මානා විනයකින් කටයුතු කරන්නෙක් බව පැවසේ.

එහෙත් මීගමුවේ ජනතාවගේ සංස්කෘතික ජිවිතයේ වටිනාකම තේරුම් ගන්නට ඔහු සතු ඉහත සදහන් ගුණාංග  ප්‍රමාණවත්  නොවුණි.මේ නිසාම මීගමුවේ රාජපක්ෂ උද්‍යානය ඔහුට පෙනුනේම එය බදු දි මුදල් හම්බකරගත හැකි භූමි ප්‍රමාණයක් ලෙසය.මේ නිසා ඔහුගේ පාලන සමයේදි මුදලිදු රාජපක්ෂ තුමන්ගේ ප්‍රධානතම ඉල්ලිම සදහන්ව පැවැති ඔප්පු කොපි  වෙනස් කර හෝ මෙය බදු දෙන්නට කටයුතු කළේය.

එහෙත් මේ ව්‍යාපෘතියෙන් ලංසා පාලනය අම්බානකට ඇන ගත්තේය.දැන් මේ උද්‍යානය වසා දමා වසර 3 කට ලංව ඇත. බදු දුන් සමාගම විසින් මීගමුව මහනගර සභාවට තබා ඇති පොල්ලේ දිග පළළ ලක්ෂ 44 කි.

ගණිතඥයන් අවැසි තැනට නැට්ටුක්කාරයන් පැමිණ විට සිදුවන්නේ කුමක්ද…????