මොහුගේ මේ ක්‍රියාකලාපය නිසා දැනට වසර 5 කටත් අධික කාලයක් රාජපක්ෂ උද්‍යානය වසා දමා තිබේ.
ඒ ශාපයෙන් ගැලිවිමට ඇමති ලංසාට කිසිවිටකත් රාජපක්ෂ මුදිළිදු ඉඩදෙන්නේ නැත.……..
පසුගිය සමය තුල මහත් ආන්දෝලනයකට තුඩු දුන් මීගමුව රාජපක්ෂ උද්භිත උද්‍යානය අද ජනතා අයිතියට පත් කෙරුනා. මීගමුව නගරාධිපති ඇන්ටනි ජයවීර මහතා අතින් විවෘත වූ මෙම උද්‍යානය අලුත්වැඩියාව සදහා මීගමුව මහ නගර සභාව හා බස්නාහිර පළාත් සභා සංචාරක අමාත්‍යංශයේ ප්‍රතිපාදන යටතේ රුපියල් කෝටි 12 මුදලක් මේ සදහා වැයකර තිබේ. මීගමුව මහ නගර සභාව විසින් කෝටි 05 මුදලක් මෙයට වැයකල බව මේ අවස්ථාවේදි නගරාධිපතිතුමා ප්‍රකාශ කරන ලදි.