රාජපක්ෂ ත්‍රස්තවාදය යළි හිස ඔසවයි..!

0
118

 

මහින්ද පැරදිලා ගෙදර ගිහින් පැවැත්වූ ඓතිහාසික ජනේලය උඩ දේශනාවේදී යෝජනා වුයේ මුන්ව මරල හරි බලය ලබා ගමු කියාය..ඒ යොජනාවට අනුව ගෝල බාලයෝ දැන් හැසිරෙන්නට පටන් ගෙන තිබේ..

නව ව්‍යවස්ථාව සම්ම්ත වුණොත් පාර්ලිමේන්තුවට බෝබ්බ දැමිය යුතුයි – විමල් වීරවංශ

නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් කතා කරන අය මරා දැමිය යුතුයි – කමල් ගුණරත්න

අපරාධ චෝදනා එල්ලවී ඇති හමුදා නිලධාරීන්(රණ විරුවන්) පාවා දෙන අය එල්ලා මැරිය යුතුයි – සරත් වීරසේකර.

මේ අනුව යළිත් රාජපක්ෂ පවුල හා වුන්ගේ සගයන් වැරදීමකින් හෝ බලයට ගෙන ඒම යනු ලේ ගංගාවන් රට තුල ගලා යාමට ඉඩ සැලසීම බව තේරුම් ගැනීමට අබ ඇටයක තරම්වත් මොළයක් අවශ්‍ය වන්නෙ නැත.

රාජපක්ෂලාගේ ඉතිහාසය මතකයට ගන්නෙ නම් ඔවුන් බලයට පත් වූයේද ඒ බලය පවත්වාගෙන ගියේද තමන්ගේ විරුද්ධවාදීන් මරා දමමින් , තර්ජනය කරමින්, මර්දනය කරමින් සිදු කළ සාහසික ක්‍රියා දාමයකින් බව ඒ ඉතිහාසයේ පැහැදිලිව සටහන්ව තිබේ.

මේ නිසා මේ සාහසික රාජපක්ෂ ත්‍රත්වාදය මුල් අදියරේදීම පරාජයට පත් කිරීමට ඇවැසි සහය මෙරටේ සමස්ත ජනතාව වෙතින් ලැබිය යුතුව තිබේ. නමුත් ඒ සිදු කළ යුත්තේ රාජපක්ෂලාගේ සාහසික ක්‍රමයට නොවේ. ඔවුන්ගේ මජර මතවාදය, මතවාදීවම පාරාජයට පත් කළ යුතුය. එසේ නොවත තාක් මේ බරපතල සමාජ ව්‍යසනයකට මඟ පාදනු ලබන්නකි.
www.lankadaily.com