රාජපක්ෂ පාක් එකේ දෙන්නම් කාසි සංවර්ධනයට මොකද වෙනනේ?

0
583

අර්බුද රැසකට හේතුවු මීගමුවේ ආණ්ඩු පක්ෂයේ ඩීල්  සහ කොමිස් දේශපාලනයේ කදිම ප්‍රකාශනය  වු මීගමුවේ රාජපක්ෂ උද්‍යානය වාර්ථා වන  අන්දමට බස්නාහිර පළාත් සභාවේ සංචාරක අමාත්‍යංශයේ ප්‍රතිපාදන යටතේ පාක් එක සංවර්ධනය කිරිමට නියමිතය.
එහෙත් ඒ වෙනුවෙන් තවමත් කිසිදු මුදලක් නොලැබුන තත්වයක් යටතේ සුමනසේකර කොන්ත්‍රාත් සමාගමට ලක්ෂ 50 ක් ගෙවන්නට සිදුවුෙය් නගර සභාවේ මුදල් වලනි.
දේශපාලකයන්ගේ තකතීරු සැලැසුම් නිසා දැනටමත් රැපියල් මිලියන ගණනක පාඩුවක් රාජපක්ෂ පාක් එකේ ගණුදෙනු වෙනුවෙන් දරන්නට සිදුව තිබියදිත්  මීගමුව මහනගර සභාව 2012 අගෝස්තු මස මහසභාවේ විසින් ගනු ලැබු රාජපක්ෂ පාක් එක පිළිබද තීරණයට එරෙහිව යමින් පාක් එකේ සංවර්ධන කටයුතු සදහා නිති විරෝධි ලෙසින් ටෙන්ඩරයක් කැදවමින් සුමනසේකර නම් වු සමාගමකට දැන් එහි ඉදිකිරිම් කටයුතු පවරා ඇත.
දැනට දෙන්නම් කාසිවලට නගර සභාව විසින් වියදම් කර ඇති රු ලක්ෂ 50 ට සිදුවන්නේ කුමක්ද.??