රාජපක්ෂ මුදළිඳු පරපුරේ අවසන් පුරුක බ්‍රිගේඩියර් අබේසිංහ අවසන් ගමන් යයි !

0
219

අබේසිංහ 1(1.00 pm ) රාජපක්ෂ මුදළිදු යනු මීගමුව ජනයාට සිය දේපල උපරිම ලෙසින් පරිත්‍යාගය කරන ලද ප්‍රධානතම ධානපතියාය.
නගරයේ හදවත බදු වු කලාපයකින් අක්කර 6 කටත් වැඩි භුමිභාගයක් එතුමන් මීගමුවේ ජනයාගේ විවේකය ගත කිරිම සදහා කිසිදු මුදලක් අයනොකරන ලෙස සටහන් තැබු බදු ඔප්පුවක්ද සහිතව ලබාදි තිබුණි.
මේ පරපුරේ අවසන් පුරුක වුයේ බ්‍රිගේඩියර් අබේසිංහය.අබේසිංහ 2
මීගමුවට සැබැ අදාරය සදා බෙදුදුන් පරපුරක අන්තිමයා ලෙසින් ඔහුද සදහට සමුගෙන තිබුණි.
ඔහුගේ අවමඟුල් කටයුත් යුධහමුදාවේ පුර්ණ ගෞරවය යටත්  පැවැත්විණි.

මීගමුවේ ඓතිහාසික අවමංගල උත්සවයක්….

මීගමුවේ දානපති පරපුරේ අන්තිම පුරුකවූ බ්‍රිෙග්ඩියර් අබේසිංහ මහතාගේ අවමංගල කටයුතු පසුගිය (6දා) දින මීගමුව මංඥාක්කහේන පොදු සුසානභූමියේදී සිදුකෙරින.
ළගම ඥාතීන් සහ හමුදාවේ මෙහෙයවීමෙන් සියළු අවමංගල කටයුතු සිදුවිය. ප්‍රථමයෙන් නන්දෙසින් පැමිණි සංඝ්‍යා වහන්සේලා ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව එතමාගේ බෞද්ධාගමික ජීවිත පැවැත්ම සහ පරිත්‍යාගශීලීබව පිළිබද අදහස් දැක්වීමක් කරනලදී. හමුදාවේ විවිධ අංශ අතර තූර්්‍ය වාදක කංඩායම, කාලතුවක්කු කංඩායම, පාබල කංඩායම යනාදී වශයෙන් ඔවුන්ගේ අචාර කිරීම් දක්නට තිබින. දෙන නිවසේ සිට සුසානභූමිය දක්වා රැගෙනයාම හමුදා ආචාර මැද සිදුවූයේ ඉහතකී හමුදාවේ විවිධ අංශයන්ගේ මෙහෙයවීමෙනි.
පෙරියමුල්ල මංසන්දියේ සිට සුසානභූමිය ආසන්න වන තෙක් එක පෙලට දර්ශනය වූ හමුදා හිස් ආවරණ අතුරන ලද බුමතුරණක හැඩයක් ගත්හ.
එහි සිටි හමුදා කංඩායම්වල ආචාර සමාචාර වලින් දිස්වූ විස්මිත දර්ශනය නැරඹීමට මග දෙපස ජනයා සැදී පැහැදී සිටි අතර ඔවුන් මේ උතුම් මිනිසා මතකයේ රදවා ගැනීම උදෙසා ඡායාරූප ගතකරනු පෙනින.
සුසාන භූමියට පැමිණි පසු ආචාර වෙඩිමුර වලින් පසුව හමුදා සිරිත් අනුගමනය කරමින් දෙන ආදාහනාගාරයට ඇතුල් කරනලදී.
ඉන්පසු හමුදා ජීවිතයේ ලැබූසම්මාන සහ වෙනත් කරුණු ගැන සිහිකැදවමින් පවත්වන ලද කතාවකින් අනතුරුව මෙම අවමංගල කටයුතු අවසන් කළේ ඥාතියෙකු විසින් ලබන සෙනසුරාදා(9) සහ ඉරිදා(10) පැවැත්වෙන බණ සහ දානමය කටයුතු ගැනද මතක් කරමිනි.
මෙහිද සටහන් කළ යුතුම එක් දෙයක් තිබේ.
එනම් පැවැති  ලංසා පවුල් පාලනය විසින් රාජපක්ෂ මුදිළිදු විසින් මීගමුවේ ජනයාට විවේකය ගත කිරිමට කිසිදු අයකිරිමක් නොකර පවත්වාගෙන යන්නට යැයි කියු රාජපක්ෂ උද්‍යානයේ ඔප්පුව හිතාමතා අස්ථාන ගතකොට ඒය විවිධ සමාගම් හට බද්දට ලබා දි රාජපක්ෂ උද්‍යානය නම පවා වෙනස් කරමින් ඩයිනෝ පාක් ලෙසින් එය වෙනස් කරමින් සිදුකරන ලද අවමානය මිගමුවේ ඉතිහාසයේ දේශපාලකයෙකු විසින් කරන්නට යෙදුන තුච්ජම ක්‍රියාව ලෙසින් දැන් ඉතිහාසයට එක්ව තිබිමයි.

අබේසිංහ 3අබේසිංහ 5අබේසිංහ 7අබේංසිහ 9අබේසිංහ 13අබෙංසිංහ 12අබේසිංහ 16