රාජපක්ෂ රෙජිමයේ අවතාර වලට යහපාලන පොලිසියත් බයද ?දයාන් අත්අඩංගුවට නොගැනිමේ ඇත්ත හේතුව මෙන්න ?

0
136
FG attack 1මීගමුව මහනගර සභා පරිශ්‍රයේදි මහසභා රැස්විම වාර්ථා කිරිමට ගොස් පැමිණෙමින් සිටි මාධ්‍යවේදියෙකුට මුහුණු ආවරණය කොට වැහි කබා පැළද අංක තහඩු නොමැති යතුරු පැදියකින් මහදවල් පැමිණ පොල්ලකින් මාරාන්තික ප්‍රහාරයක් එල්ල කර තිබිම චිකාගෝ පන්නයේම වැඩක් මිස පුංචි රෝමය යැයි කියාගන්නා කතෝලික පුරවරයක නම් කිසිසේත්ම සිදුවිය හැක්කක් නොවේ .
හන්දියක් ගානේ සුරුවම් තිබුනද ඒ සියල්ල මදි යැයි කියා මීගමුව නගරයේ ආරක්ෂාවට යැයි කියා නගර මධ්‍යයේ වු ඔරලෝසු කණුවේ මුදුනෙහිද මරිය මව්තුමියගේ ප්‍රතිමාවක් තබා තිබුණද දැන් මීගමුවේ සිදුවන්නේ මාෆියා තාලේ වැඩය.
මේවා ගැන මීගමුව පල්ලියේ පියතුමන්ලා ඇත්තටම කම්පා  විය යුතුය.නැතිනම් ලැජ්ජා විය යුතුය.IMG-20160604-WA0008
 dayan may day
මෙම පහරදීම සම්බන්ධයෙන් ප්‍රෙඩි ගමගේ විසින් කරන ලද මුල් ප්‍රකාශයේදී මෙම පහරදීමට මීගමුව නගර සභාවේ උප නගරාධීපති වශයෙන් කටයුතු කරන දයාන් ලාන්සා සහ ඔහුගේ පියා වන පිලේන්ද්‍රන් ලාන්සා යන අයවලුන් සම්බන්ධ බවට තමන් සැකකරන බවට තමන සැකකරන බවට සදහන් කර ඇත.
ඒ අනුව දයාන් ලාන්සා යන අයට අයත් අංක 077 3922922 සහ 077 74 27 714 යන ජංගම දුරකථන අංක වලට ද පිලේන්දුන් ලාන්සා යන අයට අයත් අංක 077 7708609 දරන ජංගම දුරකථන ද සවිස්තර විස්තර වාර්තා ලබාගෙන ඇත.  මේ අනුව මෙම වාර්තා විශ්ලේශනය කිරීමේදී සිද්ධිය වු දින එනම්
2016.06.02 වන දින දයාන් ලාන්සා යන අයට අයක් අංක  077 3922922 ජංගම දුරකතනයට සහ අංක 077 7117225 දරන ජංගම දුරකථනය අතර උදෑසන පැය 8.25 සිට පැය 13.47 දක්වා අතර කාලයේ දුරකථන සංවාද 13ක් පමණ සිදුවී ඇත. ඊට පෙර මෙම ජංගම දුරකථන අතර 2016.05.01 දින සිට 2016.0602 වන දින දක්වා වෙනත් දිනවල සංවාද සිදුවු බවට විමර්ශනයේදී හෙළවී නැත. තවද මීට අමතරව 2016.06.02 වන දින 072 9942608 දරන ජංගම දුරකථනයෙන්ද දයාන් ලාන්සා යන අයට අයත්  077 39 22922 දරණ දුරකථනය සමග සංවාද දෙකක් සිදුවී ඇත. /
මෙම අනාවරණය වූ අංක 077 7117225 දරණ ජංගම දුරකථන අංකය සහ 072 9942608 දරණ ජංගම දුරකථන අංක වලට අයත් සිම්පත් පරීක්ෂා කිරීමේදී දැනට අත්අඩංගුවේ පසුවන සැකකරු වන අඹගහගේ තුෂාන් ක්‍රිස්මාල් ප්‍රනාන්දු යන අයගේ ජංගම දුරකථනයේ තිබී සොයාගෙන ඇත.
(උපුටා ගැනිම b වාර්ථාවෙනි)????????????????????????????????????
පැමිණිලි කරු විසින් ඉතා පැහැදිලි ලෙස සිය පැමිණිල්ලේ පුද්ගලයෙකුගේ නම සදහන් කරමින් චෝදනාවක් ඉදිරිපත් කොට තිබේ.
එපමණක් නොව අදාල පුද්ගලයා විසින් 2016.5.17 වනදා දුරකථන ඇමතුමක් ලබාදෙමින් තමන්ට එක්තරා ආකාරයක අනතුරු ඇගවිමක්ද කර ඇති බව පැමිණිලේම සදහන්ය.
දිනපතා විශාල වශයෙන් ප්‍රසිද්ධියට පත්ව මාධ්‍ය වාර්ථා ඔස්සේද පැමිණිලි කරු කියා සිටියේ මේ ප්‍රහාරයේ මහමොළකරු මීගමුව මහනගර සභාවේ දයාන් ලංසා බවය.
ජනාධිපතිවරයා ප්‍රෙඩි ගමගේ අමතා කියා තිබුනේ සියළු කරුණු පොලිසියට කියන්න අපි පොලිසියට උපදෙස් දිලා තියෙන්නේ කඩිනමින් පරික්ෂණ කරන්න කියල .
එමෙන්ම අගමැතිවරයාද ප්‍රෙඩි ගමගේට පහර එල්ල වු දිනයේම විශේෂ ප්‍රකාශයක් කරමින් වැඩබලන පොලිස්පතිවරයා වෙත කියා තිබුනේ මේ ප්‍රහාරය පිළිබදව කඩිනමින් වාර්ථාවක් සපයන ලෙසය.
බුද්ධි අංශ වාර්ථා විසින් මේ වන විටත් ජනාධිපතිවරයා අගමැති පොලිස්පති වෙත දන්වා යවා ඇත්තේ මේ ප්‍රහාරයේ ඇත්ත වගකිව යුත්තෙකු සිටින බවය.එහෙත් මීගමුව පොලිසියේ ඇතැම් උසස් නිළධාරින්ට අනුව නම් අදාල මැරයන් විසින් මාධ්‍යවේදි ප්‍රෙඩි ගමගේ ට පහර එල්ල කර නොමැත.
ඔහුගේ ෂර්ට් එකේ බොත්තම් ගැලවි නැතිලු.කොණ්ඩය අවුල් වි නැතිලු. තවත් බොහෝ දේ මේ එක් නිලධාරියෙකු අපගේ මාධ්‍ය මිතුරෙකු හට කියා තිබුණි.
එමෙන්ම තවත් උසස් නිළධාරියෙකු කියා තිබුනේ ඒ පොල්ලෙන් පාරක් කැවේ නම් අනිවාර්යෙන්ම මිය යන බවය. ඒ අනුව ඔහුගේ නිගමනය වුයේද මේ මැරයන් පරදිමක් සිදුකර නොමැති බවය.
පහරදිම ඇසින් දුටු කාන්තාවන්ගෙන් 20 දෙනෙකු පමණ එහි සිටියද පොලිසිය විසින් මේ අයගෙන් කටඋත්තර ගෙන තිබුන බවක් ගැන අපට වාර්ථා නැත.
කෙසේ වෙතත් මීගමුව පොලිසියේ ඇතැම් නිළධාරින් සිය රාජකාරිය නිසි ලෙස මෙහෙයවමින් අදාල මැරයන් කොටු කරගැනිම සදහා අපමණ වෙහෙසක් ගෙන තිබුණි.
එමෙන්ම බුද්ධි අංශ නිළධාරින්ද  සියළු සම්බන්ධකම් යොදාගෙන කෙසේ හෝ අදාල මැරයන් කොටුකරගැනිමට දැලක් එලා තිබුණි.
2016 ජුනි 3 වනදා රාත්‍රිය වන විට ප්‍රහාරය සිදුකළ මැරයන් ගැන ස්ථිර වශයෙන්ම පොලිසිය දැන සිටියේය.ඒ සියළු විස්තර ආදාල බලධාරින් වෙතද දන්වා යවා තිබෙන්නට ඇත.
සියල්ල එසේ වෙද්දි 2016 ජුනි 4 වනදා මේ පරික්ෂණ කටයුතු වල නියැලි සිටි වෙනත් පොලිස් කණ්ඩායමක් විසින් මේ මැරයන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලබයි.
ඔවුන් සැගව සිට ඇත්තේ මීගමුවේ එක්තරා පන්සලක යන කටකථාවක්ද ඒ දිනවල ප්‍රචාරය වි තිබුණි.
කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් දෙදෙනා ප්‍රහාරට පැමිණියේ තමන් බවද පොල්ල ඉස්සුවා මිස පහර දුන්නේ නැති බවද  දයාන් ලංසා ඒ  ගැන තමන්ට කිසිවක් නොකි බවද පොලිසියට කියවා ලියවා ඇත.
මහින්ද රාපක්ෂගේ පොලිසියට වඩා යහපාලන පොලිසිය කොයිතරම් නම් කාර්යක්ෂමද ?FG attack 15
එය පැහැදිලිය.පැය 48 ක් යන්නට කලින් පහර දුන් වුන් අත්අඩංගුවේය
එහෙත් රාජපක්ෂ රෙජිමයේ අවතාරවලට තවමත් යහපාලන පොලිසියටද වෙට්ටු දමන්නට හැකි බව මේ සිදුවිමෙන් දැන් සනාථ වි හමාරය.මෙ
පැවැති දුරකථන සංවාද ගැන නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා කියා ඇතැයි අපට වාර්ථා වන්නේ උදේ වරුවේ ඇමතුම් තමන්ගේ දරුවන්ට පාසැල් ගෙන යන්නට යැයි කියා දුන් දුරකථන ඇමතුම් බවය,අනික්වා තමන් කථා කර නැතැයිද තමන් රැස්විමක සිටින්නේ යැයි ඇගවිම සදහා දුරකථනය ඔන් කර පසුව ටික වේලාවකින් ඔෆ් කල එවා යැයිද කියා ඇත.තවත් එක් දුරකථන සංවාදයක් ගැන කියා ඇත්තේ රැකියාවක් ගැන කථා කර ඇති බවය.මේ කරුණු වලින් පැහැදිලි වන දැ බොහෝය.
1.තුෂාන් ක්‍රිෂ්මාල් 6-2 වැඩමුරය සදහා අත්සන් කර ඇත.ඔහුගේ සේවා නියුතු ස්ථානය වන්නේ මීගමුවේ වෙරළ උද්‍යානයයි. එසේ තිබියදි මීගමුව නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා සිය දරුවන්ව පාසැල් ගෙන යාමට ඉල්ලා සිටින්නේ කෙසේද ?මේ සේවකයා සේවය  කරන්නේ නගර සභාව්දි නැති නම්
2.මහසභා රැස්විම ආරම්භ වන්නේ ජුනි 02 වනදා පෙ.ව 10 ටය. මෙසේ මහ සභා රැස්විම යන අතරතුරේදි මීගමුව මහනගර සභාවේ සුළු සේවකයෙකු මීගමුව මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයාට  දුරකථන ඇමතුම් 13 ක් ගන්නේ නම් ඉන් කියැවෙන්නේ කුමක්ද ?
මේ ගැන පොලිසියට පරික්ෂණ පවත්වන්නට යැයි අප කියා  දිය යුතුද ?
පැය 5 ක් ඇතුලත දුරකථන ඇමතුම් 15 ක් ගෙන ඇත.වෙනත් දිනවල එසේ දුරකථන ඇමතුම් හුවමාරුවි ඇති බවට සනාථව නැතියිද පොලිසියි ජංගම දුරකථන දත්න සටහන් උපුටා දක්වමින් කියා සිටි.
එසේ නම් මහින්ද රෙජිමයේ මීගමුවේ නියෝජිතයෙකුට තවමත් යහපාලන පොලිසියකට වෙට්ටුවක් දමන්නට ඇති හැකියාව දැන් පැහැදිලිය.
ඒ ඇයි?
මේ ප්‍රහාරයට කලින් දිනයේ ලංසා පවුලට අයත් එක්තරා හෝටලයකදි මීගමුවේ පොලිසියේ නිළධාරින් කිපදෙනෙකුට  සාදයක් පැවතියේද?
එ අය එහි ගියේ කාගේ වාහනයෙන්ද ?එ් වාහනයේ රියදුරා කව්ද ?
මේ තහවුරු නොකළ තොරතුරු අප විසින් මීගමුව පොලිසියේ හොද නිළධාරින්ට කියා සිටින්නේ ඔත්තුවක් ලෙසය.
ප්‍රතිපත්ති ගරුකව රාජකාරිය කරන නිළධාරින් පිරිසක් මීගමු පොලිසිය තුල සිටි.අප ඔවුන්ට හිස නමා ආචාර කරන්නෙමු.යහපාලනයෙන් ලබා දි ඇති ස්වාධිනත්වය පවා නොදෙන ලෙසද ඉල්ලමු.
මීගමුවේ කලු සල්ලිවලට ගිජුව කටයුතු කරන නිළධාරින් පිරිසක්ද මීගමුවේ සිටින බව අප දනිමු.කෑම බිම පමණක් නොව තවත් බොහෝ දේ මේ අනුව ලැබෙන බව නොරහසකි.
අපට ඔවුන්ට කියන්නට ඇත්තේ දැනට රෝහල්ගතව සිටින අනුර සේනානායක හමුවි ජිවිත පාඩමක් ඉගෙන ගන්නා ලෙසය.

Save

Save

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here