රාජපක්ෂ ලංසා හවුල් පවුල් පාලනය කලපුව කුණුගොඩක් කර ඇති අයුරු සිරසෙන් රටටම පෙන්වයි !

0
454

කලපු විනාශය 10(1.15 pm ) සිරස විසින් අනුගමනය කරමින් සිටින පහත් පෙළේ මාධ්‍ය භාවිතාව නිසාම වේගයෙන් පල්ලම් බහමින් ඇති සිරසේ ජනප්‍රිතාව රැකගැනිම සදහා විවිධ වැඩසටහන් විවිධ නම් වලින් නිර්මාණය කරමින් පෙළහර පාමින් සිටිති.
පසුගිය දා මිගමුව කලපුව එකම කුණු ගොඩක් වි ඇති අයුරු සිරස විසින් මුළු රටම පෙන්වා දි තිබුනේ එහි ගම්මැද්ද සහ v force නම් වු වැඩසටහන හරහාය.
මේ පිරිසිදු කිරිම තෝරාගෙන ඇති ස්ථානය වුයේ රාජපක්ෂ ලංසා හවුල් පවුල් පාලනය විසින් නෙදර්ලන්ත ආධාර මත ධිවරයන් වෙනුවෙන් වු තොටුපළකට යැයි කියා ගුරුගේ ව්‍යාපාරිකයා වෙනුවෙන් ඉදිකරන්නට යෙදුන ව්‍යාපාරක් ස්ථානයක් අසලය.කලපු විනාශය 9
එනම් නගර සභාව විසින් පසුගිය කාලය තුල ක්‍රියාත්මක කරන්නට යෙදුන එක් ප්‍රධාන ව්‍යාපෘතියක් සහිත භුමියක තිබුණ කුණු කසල කොයිතරම් දැයි පසුගිය දා සිරස මාධ්‍ය විසින් රටට ලෝකයාට හෙළිකර තිබුණි.
කලපුව හෝ ධිවරයන් රැක ගැනිම ගැන තඹ පයිසෙක හැගිමක් නොතිබුණ රාජපක්ෂ ලංසා හවුල් පාලනයට තිබුණේ පවුල් වෙනුවෙන් සල්ලි හම්බ කිරිමේ එකම න්‍යාය පත්‍රයක් පමණි. කලපුව විනාශය 8
මිගමුවේ නගරයේත් කලපුවේත් හදවත බදුවු කඩොලාන අක්කර 08 ක් කිසිදු බියක් නැතිව කපා විනාශ කරන්නේද ඒ නිසාමය.

කඩෙලාන අක්කර 8 ක් කපා විනාශ කර දැමිම
කඩෙලාන අක්කර 8 ක් කපා විනාශ කර දැමිම

කලපුවට ඇති ආදරය ගැන කියන්න තවත් උදාහරණ ගෙන හැර පෑම අනවශ්‍යය.
තතු එසේව තිබියදි ධිවරයන් හෝ කලපුව විකුණා හෝ ගොඩයැම එකම රාජකාරිය කරගත් පාලනයක් කලපුවේ පිරිසිදු කම ගැන කිසිදු උනන්දුවක් ගෙන තිබුනේ නැත.
එය පසුගියදා රටට ඇස්පනා පිට පෙන්නුම් කෙරුණි.
මෙයින් රට ලෝකයා ඉදිරියේ රෙදි ගැලවි ගියේ මෙතෙක් මිගමුව පාලනය කළ අයගේය.
ඒ ගැන නිනව් නැති වත්මන් නගරාධිපති දයාන් ලංසා කලපුවේ කුණු ඉවත් කිරිමද ඔහුගේ මාධ්‍ය සංදර්ශණයේ තවත් එක් අංගයක් ලෙසින් පෙන්වා දෙන්නට කටයුතු කර තිබුණි.
රජතුමා අගනා සළුවක් දවටාගෙන යනවා යැයි සිතා නගර සරද්දි ඔහු යන්නේ හෙළුවෙන් යැයි එදා පොඩි එකෙකු පෙන්වා දුන් කථාවක් අප අසා ඇත.
ඒ එදාය.කලුපු විනාශය 1
අද ඒ වැඩේ අගේට කර තිබුණේ සිරස විසිනි.
එක දවසට වුණ යස වැඩේ යැයි මිපුර අපට කියා සිටියේද මීගමුව නගරා සභාවේම තවත් මන්ත්‍රිවරයෙකු විසිනි.මේ නිසාම නගර සභාවම පච වු බවද වැඩි දුරටත් ඔහු පෙන්වා දුන්නේය.