රාජපක්‍ෂවරුන්ට නැවැත බලයට පැමිණීමට ඉඩ දෙන්නේ නෑ- අගමැති

0
55

වසර දහයක රාජපක්‍ෂ පාලනය තුළ බඩු මිල අඩු නොකිරීමට හා වැටුප් වැඩි නොකිරීමට හේතු පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා රටට ප්‍රකාශ කළ යුතු බවත් බඩට ගහන රාජපක්‍ෂවරුන්ට නැවැත බලයට පැමිණීමට ඉඩ නොතබන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර            මසිංහ මහතා පැවැසීය.

අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධූර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ඊයේ (06) සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ පැවැති කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්‍ෂ බලමණ්ඩල රැස්වීම අමතමිනි. ‍

“ජනතාවගේ බඩට ගහන පොහොට්ටුවට හිස ඔසවන්න අපි ඉඩන්නේ නැහැ. ඒ වගේම ජනතාවගේ බඩට ගහන රාජපක්‍ෂවරුන්ට නැවැත බලයට පැමිණීමට ඉඩ දෙන්නේ නැහැ.

ජනතාව තමන්ගේ වටිනා ඡන්දය පාවිච්චි කරන්නේ ඉදිරිපත් වන අපේක්‍ෂකයාගේ මුහුණ දෙස බලලා පමණක් නොවෙයි. ජනතාව ඡන්දය දෙන්නේ අපේක්‍ෂකයන් ඉදිරිපත් කරන වැඩපිළිවෙළ දෙස අවධානය යොමු කරලයි.

තමන් පාවිච්චි කරන එම ඡන්දයෙන් ගෙදර ආර්ථිකයට මෙන්ම තම සාක්කුවට කුමක්ද වෙන්නේ කියා කල්පනා කරලයි. තමන් ඡන්දය ලබාදෙන අපේක්‍ෂකයා ජයග්‍රහණය කිරීමෙන් පසු මෙතෙක් ගත කළ ජීවන තත්ත්වයට වඩා හොඳ තත්වයක් උදාකර ගන්නවා ද එසේත් නැත්නම් තවත් පහළට ඇදවැටෙනවා ද කියා ඡන්ද දායකයින් සිතනවා.

වියත්මග, අරමග, මේමග ගැන කතා කර ලා පලක් නැහැ. බඩු මිල අඩු නොකළේ ඇයි? වැටුප් වැඩි නොකලේ ඇයි? ඉතා සරලයි මේ ප්‍රශ්න දෙකට පිළිතුරු ලබාදෙන ලෙස අප ඉල්ලා සිටිනවා. මේ ප්‍රශ්නවලට විසඳුම් නැති කෙනෙක් ජනාධිපති කිරීමෙන් ඵලක් තිබෙනවාද? මෙයාල අහසින් වැටුණ බබ්බු නොවෙයි. රාජපක්‍ෂ පවුලේ අළුත් නම පොහොට්ටුවයි.”
ada.lk