රාජ්‍ය සම්පත් අවභාවිතා කළ මිගමුවේ කළු සල්ලි දේශපාලනය සහ ජාතික ජන බලවේගය …

0
48

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ශ්‍රිලංකාවේ 9 වෙනි ජනාධිපතිවරයා ලෙස අද පෙරවරුවේ දිවුරුම් දුන්නේය.

නව දේශපාලන සංස්කෘතික් මෙන්ම දුෂිත දේශපාලනයට එරෙහිව උපරිම දඩුවම් දිම ජාතික ජන බලවේගයේ ප්‍රධාන සටන් පාඨ අතරේ වඩාත් ආකාර්ශණියම ඒවා බවට පත්ව  තිබුණි.
මිගමුව යනු  දශක ගණනාවක් තිස්සේ කළු සල්ලි දේශපාලකයන් කරණම් ගැසු රාජ්‍ය සම්පත් පවුලේ දේපලක් සේ සලකා සිය අභිමතයන් පරිදි යොදාගත් ලංකාවේ ප්‍රධානම නගරයකි.

මෙවර ජනාධිපතිරණයේදි ජාතික ජන බලවේගය මිගමුව ආසනය අතිවිශිෂ්ඨ ලෙසින් ජය ගෙන තිබුණි.

රට තුල මෙන්ම මිගමු තුලද නව දේශපාලන සංස්කෘතියක් ගොඩ නැගිමේ අභියෝගය මුලික වශයෙන්ම දැන් ඇත්තේ ජාතික ජනබලවේගයටය.

හිටපු නාගරික මන්ත්‍රි වෛද්‍ය හෙන්රි රොසයිරේ

 

 

හිටපු නාගරික මන්ත්‍ර සංගිත් පෙරේරා
හිටපු නාගරික මන්ත්‍රි ගාමිණි ප්‍රනාන්දු

මේ සදහා මිගමුවේදි දේශපාලන නායකත්වය දිය හැකි  ජව සම්පන්න අරගලකාරි නායකයන් රැසක් මිගමුව තුල කැපි පෙනෙන තත්වයක් නොතිබුනද හිටපු නාගරික මන්ත්‍රිවරුන් වන වෛද්‍ය හේන්රි මෙන්ම සංගිත ප්‍රනාන්දු සහ ගාමිණිලා වැනි චරිත වලට නව දේශපාලන සංස්කෘතික් ගොඩ නැගිමේ  අභියෝගාත්මක ක්‍රියාවලියේදි වැඩි වගකිමක් පැවරෙනු ඇත
මිගමුව තුල බහුජන ව්‍යාපාරයක් ගොඩනැගිමට පුරෝගාමි කර්ය භාරයක් ඉටුකළ සරත් ඉද්දමල්ගොඩ පියතුමා වැනි චරිත වල අත්දැකිම්ද මෙහිලා අතිශයින් වැදගත් වනු ඇත.

සරත් ඉද්දමල්ගොඩ පියතුමා

මිගමුවේ කළු සල්ලි දේශපාලනය විසින් රාජ්‍ය සම්පත් අවභාවිතා කිරිම සම්බන්ධයෙන් පොදුවේ ගත් කළ මිගමුවේ අතිබහුතරයක් ජනයා සිටියේ නිදාගෙනය .
ජනබලවේගයේ ජයග්‍රහණය නිදා සිටින මිගමුවේ ජනයාව අවදිකරවන්නට හේතුවි තිබේ. ඔවුන් සක්‍රිය පුරවැසියන් ලෙසින් සිය අයිතින් අරගල කිරිමට සංවිධානගත කිරිමේ වගකිම් මිගමුවේ සියළු ප්‍රගතිශිලින් වෙත පැවරි ඇති අත්නොහල හැකි වගකිමකි