රාජ්‍ය ආයතනවල මත්පැන් සාද තියපු නෝනා තාම යහතින් ???

0
149

පුංචි රෝමය කියල කිව්වට මිගමුව කියන්නේ දැන් මර්සිකාරයන්ගේ තිප්පොලක් . ජාවාරම ආගම කරගත්තු උන්ගෙන් මිගමුව පිරිලා. කිතුණු දහම කියන්නෙම යුක්තිය සාධාරණ්තවය සාමය වෙනුවෙන් කැපවුන එකක් .
ඒක තමයි දහමේ ගැඹුරුම පණිවිඩේ .
වැඩේ කියන්නේ හංදියක් ගානේ සුරුවම් ස්ථාපිත කෙරුවට මිගමුවේ උන් අති බහුතරයක් ආගම සුරුවම් වලටයි පල්ලිවල ගොඩනැගිලි වලටයි භාරදිල ඇති පදමට පිස්සු කෙලිනවා.

කොටින්ම කියනව නම් විභාග ප්‍රශ්ණ පත්තර වංචා කරන විදුහල්පති පියතුමන්ලා පවා දැන් මිගමුවේ ඉන්නව කියන්නේ කාටද ආඩම්බර .
එහෙව් එකේ මිගමුවේ කොමසාරිස්නෝනාත් මුල් වෙලා රාජ්‍ය ආයතන ඇතුලේ විස්කි බ්‍රැන්ඩි ගහන එකත් එක අතකට නරක නැ . ඒ හින්ද ම වෙන්න ඇති ඒහෙව් ජෝගි නටන රාජ්‍ය නිලධාරින්ට පවා තාමත් මිගමුවේ යහතින් වැජඹෙන්න පුලුවන් වෙලා තියෙන්නේ .

මිගමුවේ කොමසාරිස්නෝනා කරපු ඒ නොසන්ඩාල වැඩේ ගැන පළාත් පාලන කොමසාරිස්ලත් බුදි. මොකද ඒවට පැමිණිලි යන්නේ නැ. පාලකයෝ කම්බ හොරු වුනාම කෝ පැමිණිලි.

විපක්ෂෙ ඊට හපන් . ඒකෙ බහුතරයක් ඉන්නේ ආණ්ඩු පක්ෂෙ හොරුන්ගේ දෙබරන්ද අස්සේ . මිගමුවෙ පාලනය කරන පවුල දන්නවා විපක්ෂයේ ඉන්න කම්බ හොරු ටිකවත් ගානට බැලැන්ස් කරගෙන ගේම ගහන්න.
කිතුණු දහමේ හරය ජිවිතය කරගත්තු ස්වාමිල ටිකක් මිගමුවෙත් හිටිය. හැබැයි ඒ් හුගක් ඉස්සර. දැන් කලු සල්ලිවලටත් වදින ගානට දහම කාපගත්තු අය තමයි වැඩි.

ඔන්න අද පුංචි රෝමෙට ගිහින් තියෙන කළ .