රාජ්‍ය ආරක්ෂක වියදම කාගේ නඩත්තුවටද ?මීගමුව ආනාරක්ෂිතයි.

0
87
ආරක්ෂිත උපකරණ ප්‍රවර්ධ නිලධාරින් ....
ආරක්ෂිත උපකරණ ප්‍රවර්ධ නිලධාරින් ....
ආරක්ෂිත උපකරණ ප්‍රවර්ධ නිලධාරින් ….

යුද්ධයක් අවසන්ව පස් වසක් ගෙවි තිබුනද වාර්ෂිකව අයවැයෙන් වැඩිපුරම මුදලක් වෙන් කරනුයේ රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙනි.
එහෙත් මීගමුව නගරය ආරක්ෂා කර දිමට එය ප්‍රමාණවත්ව නැති බව අද හෙළිවිය.
මෙයට හේතුව වන්නේ මීගමුව නගරයට ආරක්ෂාව ඇති කිරිම සදහා එහි බරපැන දරන්නට දැන් සිදුව ඇත්තේ මීගමුව මහනගර සභාවට සහ පළාත් සභාවටය.
ඒ සියල්ලද මහජන මුදල්ය.
එපමණක් නොව තම තමන්ගේ ආරක්ෂාව සලසා ගැනිම වෙනුවෙන්ද විශාල වැයක් දරන්නට මීගමුවේ ව්‍යාපාරික ප්‍රජාවට සිදුවන බවද අද පැහැදිලි වුයේ යෝජිත පුද්ගලික ආරක්ෂක අංශය නඩත්තු කිරිමේ වගකිම වෙළද ප්‍රජාව මත පැටවිමට නියමිතව ඇති හෙයිනි.
පවතින ආර්ථික අර්බුදය හමුවේ දැනටමත් ව්‍යපාරික කටයුතු බිද වැටි ඇති පසුබිමක මංකොල්ල භිතිකාව ඉතිරි සියළු ඉඩ ප්‍රස්ථා දැන් අහුරා දමා තිබේ.
ආයතනය තුල මෙන්ම ඉන් පිටතත් ආරක්ෂක කැමරා පද්ධති සවිකළයුතු අතර තවත් අමතර ආරක්ෂක ක්‍රමවේදයන් සදහා ද මුදල් වැය කිරිමට සිදුවනු ඇත.
ඒ වෙනුවෙන් සැදි පැහැදුන සිය ගණන් වු පුද්ගලික අංශයේ ඒජන්නවරුන් ඉදිරි දින කිපය තුල මීගමුවේ ව්‍යාපාරික ප්‍රජාවගේ දොරකඩට පැමිණෙනු ඇත.
මීගමුව පොලිසිය තුල පැවැති ආරක්ෂාව පිලිබදව විශේෂ සාකච්ජාවටද විවිධ ප්‍රචාරක ප්‍රවර්ධන ක්‍රමද යොදාගනිමින් මේ නියෝජිතයන් පැමිණ සිටිනු දක්නා ලදි.
මේ සියල්ල දෙස බලන කල මංකොල්ල කෑම නිසා අහිමිව යන මුදල් මෙන්ම ඉන් ඇතිකරනු ලබන භිතිකාව නිසා වෙළදාම අහිමිව යනවා පමණක් නොව දැන් අමතර ආරක්ෂාව සදහා විශාල මුදලක් ඉදිරියේදි දරන්නටද සිදුවනු ඇත.
ලංකාවේ අධ්‍යාපනයට සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයට වැයකරන මුදලට වඩා විශාල ප්‍රමාණයක් ආරක්ෂක වියදම් වෙනුවෙන් වැය කළද ඉන් සාමාන්‍ය ජනයාට හෝ මීගමුවේ ව්‍යාපාරික ජනතාවට  හෝ කිසිසෙත්ම ආරක්ෂාවක් නොලැබෙන බව අප දැන් ඉතා හොදින්  පසක් කරගනිමින් සිටින්නෙමු.