රාජ්‍ය ධීවර අමාත්‍යවරයාට මිගමුවේදී අඩවි වන නිලධාරිනියකගෙන් ඔක්ෂිජන් ගැන පාඩමක්

0
186

kadole destruction 2

(1.00PM) මීගමුවේ  කඩොලාන පරිසර පද්ධතියක් විනාශකොට ක්‍රීඩා පිටියක් ඉදිකිරිම සදහා රජයේ වනාන්තර භූමියක් නිදහස් කරන ලෙස සඳහන් කල රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට තම තීරණය රාජ්‍යය නිලධාරිනියක් ඉදිරියේ පසුගියදා හකුලා ගැනීමට සිදුවිය. මීගමුව  මුන්නක්කරයේ   රෙජිනපාර  අසල  දූපතේ ඇති  කඩොලාන  ශාඛ  කපාදමා    එම  ප්‍රදේශය   තුළ  පිට්ටනියක්  සෑදීමේ  උත්සාහයක්  කිසියම් පිරිසක් විසින් 2018 වසරේදී   ආරම්භකරන ලදී. අනවසරයෙන් කඩොල් කැපූ මෙම පිරිස පැවසූවේ මෙම ස්ථානයේ කුඩා ක්‍රීඩා පිටියක් ඉදිකිරිම සදහා කඩොලාන කපා සුද්ද කළ බවයි.
පසුගියදා  මිගමුවේදී  රාජ්‍ය නිලධාරීන් සහ රජ්‍ය ධීවර අමාත්‍ය සනත් නිශාන්ත මන්ත්‍රීවරයා  සහ තවත් දේශපාලකයින් සහභාගී වු සාකච්ජාවකදි මෙම යෝජනාව නැවතත් සනත් නිශාන්ත විසින් ඉදිරිපත් කරන ලදී.  එහිදී එයට විරුද්ධව කඩොලාන පරිසරය රැකගැනීමේ වැදගත්කම  ගම්පහ  අඩවි වන නිලධාරී දේවානී ජයතිලක විසින්  සනත් නිශාන්ත මන්ත්‍රීවයාට හොඳින්ම පැහැදිලි කර තිබේ. ඔහු මෙම ස්ථානයට පැමිණි ඇත්තේ ද ගමේ ජනතාව යැයි කියා ගන්නා චන්ඩින් කිපදෙනෙකුද කැඳවාගෙනය.  නීතියට පිටින්  ගොස්  මෙම කඩොලාන පද්ධතිය සහිත භූමිය සෙල්ලම් පිට්ටනියකට  දෙන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා රජයේ නිලධාරිණියකගෙන් ඉල්ලා සිටියි. අඩවි වන නිලධාරිණිය ඉතාම නිවරදිව ,සෘජුව, නිර්භීතව සෙල්ලම් පිට්ටනියකට වඩා, අනාගත පරම්පරාවට ඔක්සිජන් වල තිබෙන අවශ්‍යතාවය පැහැදිලි කරයි. විෂය නොදන්නා ගම්මුන්ගේ යෝජනා ක්‍රියාත්මක කිරිමට නම් රාජ්‍ය නිලධාරින් මේතරම් ඉගෙන ගෙන මෙම තනතුරු වලට ඒමේ වැදගත්කම කුමක්ද කියා ඇය අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කරයි.   පුත්ලම් දිස්ත්‍රික්කයේ මේ වනවිට දැදුරු ඔයේ වැලිහාරමින් මහා පරිසර විනාශයක් ආරම්භ කර ඇති වර්තමාන රාජ්‍ය අමාත්‍යවරයා දැන් කඩොලාන ශාක පද්ධතියටත් අත තැබීමට සැරෙසෙයි. කෙසේ වුවත් මෙම නිර්භය රාජ්‍ය නිළධාරිණිය ඉදිරියේ රාජ්‍ය අමාත්‍යවරයා නිහඩ වී ඇති අතර මෙම නිලධාරිණීයගේ නිර්භීතකමට සහ රාජකාරිය වෙනුවෙන් පෙනීසිටීම ගැන අපගේ ගෞරවය ඇයට පුදකර සිටිමු.

මීගමුව  මුන්නක්කරයේ   දූපතේ කඩොලාන කැපීමේ  සිදුවිමේ පසුබිම

කිසියම් පිරිසක් විසින්   මීගමුව  මුන්නක්කරයේ   රෙජිනපාර  අසල  දූපතේ ඇති  කඩොලාන  ශාඛ  කපාදමා    එම  ප්‍රදේශය   තුළ  පිට්ටනියක්  සෑදීමේ  උත්සාහයක් 2018 වර්ෂයේදී  ආරම්භ කරන ලදී.
මෙහි  අරමුණ  ලෙස  මතුකෙරෙන්නේ    ගමේ   පාසැලට  ක්‍රීඩා  පිට්ටනියක්   නැති හෙයින්  පිට්ටනියක්  ලබාගැනීමට  බවය. නමුත් මෙම ක්‍රියාවලිය සිදුවුයේ නීති විරෝධී ලෙස කිසිදු රාජ්‍ය ආයතනය අවසරයක් නොමැතිවය.
මේ අතර මීට  පෙර  දේපල වෙළදාම් වල නිරත  ජාවාරම්  කරුවෙකු පැමිණ  මෙම  කඩොලාන  දූපත්  වලට  අයිතිවාසිකම්  කියමින්  ක්‍රියාත්මක  වූ  ආකාරය  අපි  දැක්කෙමු.  මේ දුපත පුද්ගලික ව්‍යාපාරිකයෙකු විසින් අයිතිකරගැනිමට මාන බලද්දි එයට එරෙහිව දැවැන්ත විරෝධයක මිගමුවේ ධිවරයන් ඇතුළු ප්‍රගති ශිලි ජනතාව එදා දියත් කර තිබුණි.
දැනුදු  ඔහු  තම  උත්සාහය  අතහැර  නැතිබව  සමහරු  පවසති.
මීට  පෙර  ලංසා  පාලන  කාලය  තුළද  අක්කර  8ක  පමණ  ප්‍රදේශයක   කඩොලාන  කපා දැමුවේ   එවැනිමවූ   යහපත්  අරමුණක්  ජනතාව  ඉදිරියේ  තබමින්ය. ඒ ලවණ ජලය පිරිසිදු කිරිම සදහා වන ව්‍යාපෘතියක් ගැන කියමිනි. එයට සැබැවින්ම පර්චස් 100 ක් පමණක් ප්‍රමාණවත් බව කියා තිබුණද එදා ලංසා පාලනය විසින් අක්කර 8 ක කඩොලාන එහෙම පිටින්ම විනාශ කර දමා තිබුණි.
සාමාන්‍යයෙන් ධිවරවෙකු හෝ සිය රැකියාවක් මස්අතු දැමිමට   කඩොල්  අතු  කිපයක්   කැපු  නිසා  ඔහු  අධිකරණයෙන්  දඬුවම්  ලැබූ  බව  අපි  අසා  ඇත්තෙමු.
කඩොලාන  පරිසරය  විනාශ   කිරීමට  එරෙහිව  නීතිය  කාටත්  එක  සමාන  වියයුතු  බව  ඉතිහාසයේ  සිදුවූ  දේවල්  විසින්  අපට  උගැන්වූ  පාඩමයි. නමුත්   මේ  සිදුවන  දේවල්  පිළිබඳව   අපට  සැක  උපදින්නේ  ජනතාව  ගොනාට  ඇන්දවීමෙන්  යම්  යම් දේ  මීට  පෙර  සිදුවූ  බැවිනි.

සමහර  හොඳ  අරමුණු  පිටුපස  ඇත්තේ   කුමන  අන්දමේ  අවශ්‍යතාවන්දැයි  වටහා  ගැනීමට  යම්  කාලයක්  ගතවනු  ඇත.  එවිට  පෙරහැර  ගොස්  අවසන්වී  තිබෙන්නට  පුළුවන.  ඉහත  සඳහන්  කළ  කඩොල්  කැපූ  ස්ථානයේ  දැනටමත්  අවට  සිටින  දරුවන්  පැමිණ  දුව  පැන  කෙළි  සෙල්ලම්  කරන  ආකාරය  අපි  දැක්කෙමු.මේ  දරුවන්ට  නිදහසේ  කෙළිදලෙන්   ගතකිරීමට  යම්  ස්ථානයක්  තිබීම  හොඳ  දෙයක්  බව  අපිද  අනුමත  කරන්නෙමු.    එසේම  ගොනා  හැරෙන්නේ  පොල්පැලේට  බව  අමතක  නොකළ  යුත්තක්  බවද  මෙහිදී  පැවසිය  යුතුය.ඉහත අප විසින් අවස්ථා ගණනාවකදි මතුකරන ලද මේ ප්‍රශ්ණය වෙනුවෙන් කොන්දක් ඇති එඩිතර නිළධාරිණියක් පසුගියදා පරිසරයට කිසිදු ආදරයක් නැති දේශපාලකයන් හා ඔවුන් හෙංචයියන් සමගින් තනිව එහෙත් වඩාත් එඩිතරව බුද්ධිමත්ව පෙනි සිටියේය. ඒ පිලිබදව අපේ රට නැමැති වෙබ් අඩවිය මෙසේ සටහනක් තබා තිබුණි.

 


සබැඳි ලිපි


කඩොලාන කපා විනාශකර සෙල්ලම් පිට්ටනි හදන්නේ කාගේ උවමනාවකටද?

මීගමුවෙ කඩොලාන විනාශය