රාජ්‍ය නත්තල් උත්සවය මහවිදිය පල්ලියට ගෙනයෑම කාගේ සැලැස්මක්ද ?

0
119

st-mary-s-church-grandරාජ්‍ය නත්තල් උත්සවය යනු එක පල්ලියකට හෝ මීසමකට අයත් වුවක් නොවේ.එය නත්තල සමරනු වස් පැවැත්වෙන රාජ්‍ය උත්සවයයි.
එය මීගමුවේ පැවැත්විමට රජයක් හැටියට ගත් තිරණයේ කිසිදු වරදක් නැති වුවද , කිසියම් පියතුමෙකුගේ පුද්ගලික න්‍යාය පත්‍රයක් හේතුවෙන් මහවිදිය පල්ලියේ පැවැත්විමට තින්දු කර තිබිම නිසාම දැන් විවිධාකාර ගැටළු මතුවෙමින් තිබේ.
එය විවිධ වරදාන ලබන්නට කැමැති එක් පියතුමෙකුගේ බුදලයක් බවට පත්ව ඇති සෙයකැයි දැන් බහුතරයක් දෙනා කියන්නට පටන් ගෙන තිබේ.
රථ වාහන නවතා තැබිමට පවා නිසි ඉඩකඩක් නැති කාර්ය බහුල නත්තල් සමයේ කලබල නගරයට ආසන්නයේම විමද හේතුකොට ගෙන මතුවන්නට නියමිත තවත් ගැටළු රැසකි.
තමන්ගේ නමත් පල්ලියේ භෞතික සංවර්ධනයත් වෙනුවෙන් රාජ්‍ය නත්තල් උත්සවය පැවැත්විමට නිසි පරිසරයක් නැති තැනකට මෙය ගෙන යමින් මේ සිදුකර ඇති ක්‍රියාව නිසා ඉදිරි දිනවලදි ගැටළු රැසක් මතුවිමට නියමිතව තිබේ.
හර්බට් ප්‍රනාන්දු -මහවිදිය