රාජ්‍ය නිදහස් උළෙල කාදිනල් හිමි වර්ජනය කළේ ඇයි ?

0
43

74 වන නිදහස් දිනය සමරමින් අද පැවැත්වීමට නියමිත රාජ්‍ය නිදහස් උළෙල සදහා කාදිනල් හිමියන්
සහභාගි නොවීමට තීරණය කර තිබේ.

ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සිරිල් ගාමිණි පියතුමන් කියා සිටියේ බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ පැවැත්වීම නියමිත වූ නිදහස් දින දිව්‍ය පූජාවද එහි නොපැවැත්වීමට කාදිනල්හිමියන් පියවර ගෙන ඇති බවය

අහිංසකයන්ට වධ හිංසා පමුණුවන ලබන ඔවුන් තලා පෙළා දමන පාලනයක් තුළ විශේෂයෙන්ම බෝම්බයක් අටවා තිබූ දේවස්ථානයක් තුළ ඉන් වේදනාවට පත්ව සිටින ජනතාව සිටින වටපිටාවක් තුළ එහි දිව්‍ය පූජා යාගයක් නොපැවැත්වීමට කාදිනල් හිමිපනන්තිරණය කර ඇති බව ගරු සිරිල් ගාමිණී පියතුමන් මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් කියා තිබුණි.

එහෙත් සෑම දේවස්ථානයකම නිදහස් දින වෙනුවෙන් දිව්‍ය පූජාවන් පවත්වනු ලබන අතර රට වෙනුවෙන් යාච්ඤා කිරීමට කටයුතු කරනු ලබන බවත් ගරු පියතුමන් මෙහිදී කියා සිටියේය.