රාජ්‍ය නිළධාරින්ව හෑල්ලුවට ලක්කරන්න එපා ! ජනපති සහ අගමැතිගෙන් ඇමතිවරුන්ට දැඩි අවවාද !

0
30

Devani_Gotabayaරාජ්‍ය නිලධාරීන් සමග කටයුතු කිරීමේදී ඔවුන්ගේ ආත්ම ගරුත්වය හා වෘත්තීය ගරුත්වය ආරක්‍ෂවන ආකාරයට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන් පෙරේදා (12) පැවැති කැබිනට් රැස්වීමේදී අමාත්‍යවරුන්ට අවවාද කර ඇතැයි ලංකාදිප වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ.එහි තවදුරටත් වාර්තා වන්නේ අමාත්‍යවරුන් කිසියම් සාකච්ඡාවකට හෝ සමුළුවකට සහභාගි වීමේදී අදාළ විෂය සම්බන්ධයෙන් දැනුවත්වී පූර්ව සූදානමකින් යුතුව යා යුතු බවද දැනුම් දි ඇතැයි කියාය.
පුද්ගලික අරමුණුවලින් තොරව ජාතික අරමුණු වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය නිලධාරීන් ආරක්‍ෂා කර ගැනීම සඳහා රජය සෑම විටකම පෙනී සිටින බවද ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩල හමුවේදී පවසා ඇත.
ස්වාධිනව කටයුතු කිරිමට සුදානමින් සිටින නිර්භිත රාජ්‍ය නිළධාරින් හට ජනපතිගේ සහ අගමැතිගේ මේ ස්ථාවරය ඉතා අගනේය.
මෙවන් දැඩි ස්ථාවරකට ඒමට නිමත්ත වි තිබුනේ ඇමති නිමල් ලංසාගේ ආධාරකරුවන් පිරිසක් පසුගියදා වනජිවි නිළධාරිණියට ඉතාමත් අශෝභන ලෙසින් චෝදනා කර තිබිමත් ධිවර හා ජලජ සම්පත් රාජ්‍ය ඇමති සනත් නිශාන්තද එහිදි අදාල විෂය ගැන කිසිදු අවබෝධයකින් තොරව අදහස් පළකිරිමත් හේතුවි තිබේ.
එපමණක් නොව මෙම සිදුවිමෙන් පසුව ඇමති සනත් නිශාන්ත විසින් පවත්වන්නට යෙදුන පුවත් සාකච්ජාවේදි හැසිරුනු ආකාරය කිසිදු වෘත්තිය භාවයකින් තොරව වඩාත් කැපි පෙණුනි.
ඉතා නිහින ලෙසින් ඇමතිවරයා අදාල නිළධාරිණියට සමච්චල් කර තිබුණි. ජනපති හා අගමැති විසින් මේ කරන්නට යෙදුන දැඩි අවවාදය ඒ අනුව සනත් නිශාත්නට මෙන්ම නිමල් ලංසාටද දැඩිම බලපා තිබුණු අතර කැබිනට් මණ්ඩල රැස්විම තුලදි මේ  දෙදෙනා දැඩි අසිරුතාවයකට පත්ව තිබුණ බවද වාර්තාවේ.ඒයට හේතුව නම් කිසිදු ඇමතිවරයෙකු මේ අයගේ පැත්තට කතා කර නොතිබිම නිසාය.
මේ අනුව නිමල් ලංසා හෝ සනත් නිශාන්ත වැනි රාජ්‍ය ඇමතිවරුන් කඩොල් කපා පිට්ටනි හදන්නට යලිත් සැරසෙන්නේ නම් ඒ ගැන පළමුව එරෙහි වනු ඇත්තේ ජනපති හා අගමැති විය යුතුය.
ඒ කෙසේ වෙතත් මිගමුවේ පරිසරයට ආදරය කරන සෑබෑ ධිවරය ජනතාව දැන්නම් ලංසා පවුලට හිතුමනාපේ මිගමුව විනාශ කිරිමට තවත් ඉඩනොදෙනු ඇත.