රාජිත ඇමතිවරයාට මම එහෙම ප්‍රකාශයක් කළේ නෑ – ලෙස්ටර් නෝනිස් පියතුමා ප්‍රකාශ කරයි

0
75

පසුගිය මාර්තු  17 වන දා  ධීවර සංවිධාන වල  ක්‍රියාකාරීන් හා ප්‍රෙදේශයේ කතෝලික පියතුමන්ලා සහභාගිවූ විශේෂ සාකච්ජාවක් දළුපත  කතෝලික දේවස්ථානයේදී  පැවැත්විනි. පසුගියදා භූමිතෙල් මිල ඉහල දැමීමට විරුද්ධව ඇවිලුන ධිවර විරෝධය හමුවේ ධිවර ඇමති රාජිත සේනාරත්න විසින් පාර්ලිමෙන්තුවේදී කළ ප්‍රකාශයක් පිළිබදව මෙහිදී සාකච්ඡාවට  ලක්විය.  භූමිතෙල් මිළ ඉහළ දැමීමට විරුද්ධව ධීවර ජනතාව සිදුකළ විරෝධතාවය පිටුපස සිටින්නේ කුමන්ත්‍රණකරුවන් පිරිසක් බවත් මෙම විරෝධය සැබෑ විරෝධයක් නොවන බවත් ධීවර ආමාත්‍යවරරයා දිගින් දිගටම මාධ්‍ය තුළත් පාර්ලිමේන්තුවේත් කියා සිටියේය. පෙබරවාරි 21 වනදා මේ පිළිබදව සිදුවූ පාර්ලිමේන්තු විවාදයකදී රාජිත ඇමතිවරයා ප්‍රකාශ කීපයක් කළ අතර එහිදී කුමන්ත්‍රණකරුවන් ලෙස නම් කරමින් ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ කැදවුම්කරු හර්මන් කුමාර මහතා  සහ සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සංගමයේ සභාපති අරුණ රොෂාන් යන අය මෙම විරෝධතා පිටුපස සිටින බව ලෙස්ටර් නෝනිස් පියතුමාද පැවසූ බවට ප්‍රකාශයක්  කරන ලදී. මෙම ප්‍රකාශය පිලිබදව ලෙස්ටර් නෝනිස් පියතුමාගේ ස්ථාවරය
කුමක්ද යන්න 17 වනදා පැවති එම සාකච්ජාවට සහභාගීවූවන් විමසීමක් කළ අතර
ඒ පිළිබදව ලෙස්ටර් නෝනිස් පියතුමා ප්‍රකාශ කර ඇත්තේ තමන් එවැනි කිසිදු අදහසක් අගවන  කිසිදු ප්‍රකාශයක්   රාජිත අමාත්‍යවරයාට සිදු නොකළ බවයි. එමෙන්ම පියතුමා පවසා ඇත්තේ රාජිත අමාත්‍යවරයා විසින් එදින පාර්ලිමේන්තුවේදී  තමන්ව උපුටමින් කළ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් නිවරදි ප්‍රකාශයක් ලබන ඥනාර්ථ ප්‍රදී‍ප පුවත්පතේ පළකරන බවත්ය.
මෙම සාකච්ඡාව සදහා ගරු ලෙස්ටර් නෝනිස් පියතුමා සහ පියතුමන්ලා කීපදෙනෙක් ද  ජා.ධී.සහයෝගිතා ව්‍යාපාරයේ සාමාජිකයින් , ධීවර ජනතා වෘත්තීය සංගමයේ සභාපති අරුණ රොෂාන් , නිදහසේ වේදිකාවේ කැදවුම්කරු  බ්‍රිෙටා් ප්‍රනාන්දු, ශ්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානයේ සාමාජිකාවන්, ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා ඇතුළු පිරිසක් සහභගී විය.