රාජිත ඇතුළු පවුලේ අය නිරෝධායනයට ලක්කර ඇති කතාවේ ඇත්ත නැත්ත ?

0
47
තමා ඇතුළු පවුලේ සාමාජිකයින් පොතුවිල් ආරුගම්බේ ප්‍රදේශයේ හෝටලයක නිරෝධායනයට ලක් කර ඇති බවට
ඇතැම් සමාජ මාධ්‍යවල පලවී ඇති වාර්තා මුලුමනින්ම අසත්‍ය බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සහ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පැවසිය.
ඔහු එබව කියා සිටියේ theleader.lk කළ විමසීමකදීය.
බස්නාහිර පළාතේ වෙසෙන පුද්ගලයන් පසුගිය දින කිහිපය තුළ පිට පළාත්වල සංචාරය කළේද යන්න පිළිබඳව කෙරුණු සොයා බැලීමකදී හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු පවුලේ සාමාජිකයන් මෙම හෝටලයේ සිටින බවට අනාවරණය වී ඇති බවත් ඒ අනුව ඔහු ඇතුළු පවුලේ සාමාජිකයින් එම හෝටලය තුලම නිරෝධායනයට ලක්කර ඇති බවත් සමාජ මාධ්‍ය වාර්තා කිහිපයකම සඳහන් විය.
කෙසේවුවද රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැවසුයේ තමා සිටින්නේ කොළඹ සිය නිවසේ බවයි.
පවුලේ සාමාජිකයින්, හිතවතුන් හා හිතවතියන් සමග සති අන්ත නිවාඩුව ගතකිරීමට 29 හා 30 දෙදින කොළඹින් බැහැරව වෙනත් ප්‍රදේශවලට ගිය ආණ්ඩුවේ මැති ඇමතිවරුන් හා රජයේ ඉහලම බලධාරීන් මේවනවිට යළි තම නිවෙස්වලට ලඟා වී ඇතිබව වාර්තාවේ.
කෙසේවුවද, ඇදිරි නීතිය පැනවීමට පෙර බස්නාහිර පළාතෙන් පිටවූ ප්‍රභූන් නොවන හා දේශපාලන හයියක් නොමැති පිරිස් සම්බන්ධයෙන් පොලිසිය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇති අතර ඒ සියලු දෙනා දින 14 ක දඬුවම් නිරෝධයනයකට ලක්කර ඇත.
theleader.lk