“රාණී” නැරඹුවෙමි. එය හොඳ චිත්‍රපටයක්. මනෝරාණි සරවනමුත්තු නම් වූ ඒ විශේෂඥ වෛද්‍යවරිය පිළිබඳව අපි අසා තිබූ සහ නොතිබූ බොහෝ දේවල් අශෝක හඳගම ඉතාමත් හොඳින් චිත්‍රපටයක් ලෙස ඉදිරිපත් කරලා තියෙනවා.
එනිසා මා එය මුල සිට අග දක්වා ඉතා කැමැත්තෙන් නැරඹූ අතර මනෝරාණි නම් වූ වෛද්‍යවරියට සමාජයේ වටිනාකමක් ලැබෙන ඒ අතිශයින් ඛේදනීය සිදුවීම සහ ඒ අඳුරු යුගය නැවතත් මගේ මනස තුළ හොල්මන් කරන්නට පටන් ගන්නට විය.
රිචඩ් ද සොයිසා අපි අතිශයින්ම ආදරේ කරපු මාධ්‍යවේදියෙක් සහ කලාකරුවෙක්. ඒත් ඔහුගේ ආන්දෝලනාත්මක මාධ්‍ය මෙහෙවර පිළිබඳව වැඩියෙන් හෙළිදරව් වෙන්නේ ඔහුගේ මරණයෙන් පසුවයි.
කෙසේ වෙතත් මම රාණි නරඹන්නට ගියේ රිචඩ් ද සොයිසා පිළිබඳව අශෝක හදගමගේ කියවීම දකින්නට නම් නොවේ.
ගිය සති අන්තයේ අපේ සමගාමී දේශපාලන මතවාදයේ සිටින කණ්ඩායමක් සමග රාණි චිත්‍රපටය පිළිබඳව කරන ලද කෙටි සංවාදයේදී අපේ දේශපාලන සගයින් අශෝක හඳගම රාණි චිත්‍රපටයේදී රිචඩ් ද සොයිසා ට වැඩි සැලකිල්ලක් නොදැක්වීම ගැන කතා කෙරුවේ ටිකක් කලකිරීමකිනි.
නිර්මාණකරුවකු කිසියම් නිශ්චිත කාල වකවානුවක් හෝ සිද්ධියක් පාදක කරගෙන කලා කෘතියක් නිර්මාණය කරන විට එය මෙසේ විය යුතු යැයි කියන්නට අපට අයිතියක් නැත.
එනිසා අශෝක හඳගමව ප්‍රශ්න කරන්නට මට අවශ්‍යතාවයක් නැත.
මෙම ලිපියේ මුලින්ම සඳහන් කළ ආකාරයට මෙම චිත්‍රපටය මා නැවතත් ඒ අඳුරු යුගයට රැගෙන යාම ගැන යමක් කිව යුතුය. මක්නිසාද යත් රිචඩ් ද සොයිසා ඝාතනය වන යුගයේදී අපද ජීවත් වූයේ අපේ ජීවිත පිළිබඳව ලොකු අවිනිශ්චිත බවකින් යුතුවය.
1988/89 කාලයේදී ඝාතනයට ලක් වූ බොහෝ අයගේ ඝාතන වලට වගකිවයුත්තේ එම ඝාතන සිදුකළ ගහලයන් පමණක්ම නොවේ.
ඒ පිළිබඳව ජීවමාන අත්දැකීම් සහ සාක්ෂි ඇත.
ඝාතනය කරනු ලැබූ තරුණ තරුණියන්ගේ නිසල සිරුරු අපි අපේ දෑස් වලින්ම දුටුවෙමු.
එසේම මෙම ඝාතනයන් සඳහා ඝාතකයෝ පැමිණියේ කොහෙන්දැයි පසුකාලයේදී අපි දැන ගත්තෙමු.
තමන් ඝාතනය කරන්නේ කෙබඳු පුද්ගලයෙකුද යන වග වත් ඔවුන් දැන සිටියේ නැත.
මේ ඝාතන කරන අවස්ථාවන්හිදී බොහෝ විට එම ඝාතකයෝ අධික ලෙස මත්පැන් පානය කර හෝ සිහි විකල් වන කිසියම් මත්ද්‍රව්‍යයක් පාවිච්චි කර තිබුණි. එසේම ඔවුන් කරන්නේ කුමක්දැයි යන්න පිළිබඳවත් ඔවුන්ට වැටහීමක් තිබුණේ නැත.
එහෙත් ඒ සියල්ල මෙහෙයවූ මහා
මොලකරුවන් කීප දෙනෙක් ඝාතන කණ්ඩායම් සමග සිටියහ.
රාණි චිත්‍රපටයට අනුව රිචඩ් ද සොයිසා ඝාතනය කිරීමට අණ දුන්නේ කවුරුන්දැයි පැහැදිලි නැත.
එහෙත් එම ඝාතනය පිටුපස තමන්ගේ ගහලයන් සිටි බවත් දැන උන් ආරක්ෂා කිරීමට කිසිදු පැකිලීමක් නොදක්වන්නට පාලකයෝ සූදානම්ව සිටියහ.
රිචඩ් ද සොයිසා එවකට සිටි පාලකයින්ට හිසරදයක්ව තිබුණි. ඒ පිළිබඳව ඔවුන් තමන්ගේ ගහලයන් සමඟ සාකච්ඡා කරන්නට ඇත. ඝාතනය විය යුත්තේ කවුරුන්දැයි තීරණය කරන්නේ ඔවුන් විසිනි.
එබැවින් මෙම චිත්‍රපටිය නරඹන විට මට හැඟුණේ රිචඩ් ද සොයිසා ඝාතනය කිරීම.