රාත්‍රීයේ තරග වදින පාපැදි තරගයක් හෙට තිඹිරිගස්කටුවේදී

0
334

z_p15-Premachandra

(5.30 pm ) විදුලි ආලෝකය මධ්‍යයේ සටෑන්ඩඩ් පාපැදි තරගයක් පැවැත්වීමේ වෙනස් උත්සාහයක් පිළිබදව තිබිරිගස්කටුව ප්‍රදේශයෙන් වාර්ථා වෙයි. මෙම තරගය සංවිධානය කරනු ලබන්නේ කටාන “ප්‍රීරයිඩර්ස්”ක්‍රීඩා සාමාජය වන අතර හෙට(29) සවස 7ට ආරම්භ වීමට නියමිතය.

මෙහිදී 18න් පහළ කාන්තා,විවෘත කාන්තා,අවුරුදු 50 වැඩි පිරිමි හා විවෘත පිරිමි යන කාණ්ඩ 4න් මෙම තරග පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ සම්පූර්ණ දුර කිලෝමීටර 96කි. එය කිලොමීටර 6 බැගින් වට 16ක් ලෙස පැවැත්වීමටද නියමිතය.

මෙම තරගයේ සියළුම කටයුතු මෙහෙයවනු ලබන්නේ ගම්පහ පාපැදි සම්මේලනය මගින් වන අතර ජයග්‍රාහකයන්ට ගම්පහ දිස්ත්‍රික් පළාත් සභා මන්ත්‍රීනී නීතීඥ රෝස් ප්‍රනාන්දු අභියෝගතා කුසලානය පිරිනැමීමට නියමිතය.