එහි පියවරක් ලෙසින් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි සහ මහජන සෞඛ්‍ය පරික්ෂකයන්ද ගෙන්වා මේ පිලිබද විශේෂ සාකච්ජාවක් පැවැත්විමට 25 වෙනිදා පැවති අතර එහිදි ගණු ලැබු තින්දුව මුළු පෙරියමුල්ල ගම්මානය පුරාම ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් මුස්ලිම් බැතිමතුන් මෙවර රාමසාන් උපවාසය සිදුකළ යුතු අන්දම ගැන දැනුවත් කිරිමක් සිදුකර තිබේ.
මෙසේ මෙම දැනුවත් කිරිම කිරිමට ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ කතිකාචාර්යවරයෙකුද වන වෛද්‍ය ෆසුලල් හක් මහතා ස්වෙච්චජාවෙන්ම එක්ව තිබිමද විශේෂත්වයකි.
පවතින තත්වය හේතුවෙන් මුස්ලිම් පල්ලිය ආගමික වතාවත් සදහා වසා තැබෙන රාමසාන උපවාස සමයට අදාලව සියලු ආගමික වතාවත් තම නිවෙස්වල සිටම සිදුකරනා ලෙසට මේ අනුව සියලු උපදෙස් ලබා දි තිබේ.
මිට පෙර පැවැති රාමසාන් කාලවදි මෙන් පාරදෙපස පැටිස්,සමෝෂා වැනි ආහාර අලෙවි කරන කඩ පවත්වාගෙන යෑමද,සාමුහිකව කරනු ලබන ක්‍රිඩාද,නිවසකින් නිවසකට අහාර පාන බෙදාගැනිමද මේ තත්වය තුල නොකළ යුතු බවද දන්වා තිබේ.
මේ අනුව අදාල සෞඛ්‍යමය නිති පිළිපදින්නේද යන්න ගැන නිරන්තරයෙන්ම විමසුමක් සිදුකෙරෙන බව ද සැලය. රාමසාන් උපවාසයේ පසුගිය 25 වෙනිදා ඇරඹුණි.