රාමසාන් වෙනුවෙන් ලැබෙන රටඉදි මෙවර බද්දෙන් නිදහස්

0
329

මෙවර එක්සත් සවුදි අරාබියෙන් ශ්‍රී ලංකාවේ මුස්ලිම් බැතිමතුන්ගේ  රාමසාන් උපවාසය වෙනුවෙන්  පරිත්‍යාග කරන ලද රටඉදි පසුගියදා  බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් සංකේතාත්මක බාරගන්නා ලදී. මේ ආකාරයට සවුදි අරාබියෙන් සෑම අවුරුද්දකම රාමාසන් උත්සවය  වෙනුවෙන් රටඉදි විශාල ප්‍රමාණයක් ලංකාවට ලබාදෙන අතර එය නොමිලේ ලබාදෙන පරිත්‍යාගයකි. පසුගිය කාලවල මේ ආකාරයට එවන ලද රටඉදි මුස්ලිම් ජනතාවට ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පැවති රජයන් විසින් බද්දක් අයකළ අතර මෙම වසරේ දී ලබාදුන් රටඉදි එම බද්දෙන් නිදහස් කර ඇත. ඉස්ලාම් බැතිමතුන් වෙනුවෙන් සිදුකළ මෙම සහනදායි ක්‍රියාව අගයකළ යතුය.
එම්.එස්.එම් මුනිර්