රැකියා දෙන බව කියමින් ෆෝම් බෙදන ගම්පහ දිස්ත්‍රික් ඇමති කව්ද ?

0
124

job formඑළඹෙන මහමැතිවරණය සදහා ඇතැමුන් දැන් සිටිම වැඩ පටන් ගෙනය . මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ එක්තරා ඇමතිවරයෙක් තමන් විසින් රැකියා 700 ක් ලබා දෙන බව කියමින් ඒ සදහා වන අයදුම් පත් මේ වන විට බෙදාදෙමින් සිටින බව වාර්ථාවේ.
දැනටමත් මේ අයදුම් පත් 100 ක් පමණ  විවිධ අයවලුන් වෙත බෙදා දි හමාර බවද කියැවේ.
අදාල මන්ත්‍රිවරයා මෙවර මහමැතිවරණයට මුහුණ දෙන්නේ දැඩි අවිනිශ්චිතාවයකිනි. ඒ මන්දයත් සිය කට්ටිවාදි කුමන්ත්‍රණකාරි දේශපාලන ප්‍රවේශය නිසාම ඔහු ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ දේශපාලනඥයන් අතර බොහෝ සේ කොන්ව සිටි.
මේ නිසාම වෙනත් ආසන වලට ගොස් මනාප එකතු කිරිම පවා දැන් වන විට අසිරු තත්වයකට පත්වෙන්නට ඉඩ ඇති බැව් ඉව වැටි ඇති මේ ඇමතිවරයා සිය පාර්ලිමේන්තු සිහිනය ගොඩදාගැනිම සදහා විවිධ උප්පරවැට්ටිවල නිරත වෙන්නට පටන් ගෙනය.
මේ අතර ජනාධිපති කාර්යාලය විසින් පසුගියදා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටියේ ජනාධිපතිවරයාගේ නම පාවිච්චි කරමින් විවිධ අය දැනටමත් විවිධ අයථා වැඩවල නිරත වන බවත් එවැනි දැ සමගින් කිසිදු සම්බන්ධයක් ජනාධිපතිවරයාට නැති බවත්ය.