රැජිනි කාන්ත්ගේ ලංකා සංචාරය: වීසා නොදීමට රජයෙන් තීරණයක් !

0
116
ඉන්දීය ජනප්‍රිය නළු රැජිනි කාන්ත්ට මෙරටට පැමිණීම සඳහා වීසා ලබා නොදීමට නව රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.

 

තමිල්නාඩුවේ චෙන්නායි නුවර පැවැති ලෝක දෙමළ සමුළුවට සහභාගි වූ හිටපු උතුරු මහ ඇමැති සී. වී. විග්නේශ්වර් විසින් රැජිනි කාන්ත්ට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස පසුගියදා ආරාධනා කර තිබු අතර ඔහු ඇරයුම පිළිගෙන තිබිණ.

කෙසේවුවද, එල්.ටී.ටී. ඊ. සංවිධානය සක්‍රියව ක්‍රියාත්මකවූ සමයේ දී ඊට අනුග්‍රහය දැක්වූ රැජිනි කාන්ත්ව මෙරටට ගෙන්වා ගැනීමට යන්නේ දේශපාලන කටයුතු සඳහා බැවින් එවැනි ක්‍රියාදාමයකට වීසා බලපත්‍ර  ලබා නොදෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

රැජිනි කාන්ත් උතුරට පැමිණෙන බවට තොරතුරු ප්‍රචාරය වීමත් සමගම උතුරේ ජනතාව විසින් ඔහුව හරසරින් පිළිගැනීමට මේවනවිටත් කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

උතුරේ යුධ මෙහෙයුම් පැවති සමයේදී නිරායුධ දෙමල ජනතාව මියයාම සම්බන්ධයෙන් දකුණු ඉන්දීය නළු නිළියන් එරට තුල දැවැන්ත විරෝධතා සංවිධානය කර තිබු අතර රැජිනි කාන්ත් ප්‍රමුඛ ජෝශෆ් විජේ, ධනුෂ්, කමල් හසන් ආදි දකුණු ඉන්දීය නළු නිළියන් මෙම විරෝධතා සඳහා එක්ව සිටියහ.
theleader.lk