රැඳවියන් බලන්න ගිය පියතුමාටත් කුඩම්මාගේ සැලකිලි?

0
61

නිතිවිරෝධි ලෙසින් ඕස්ට්‍රේලියාව බලා යාමට තැත් කිරිම හේතුවෙන් අත්අඩංගුවට පත්ව මීගමුවේ බන්ධනාගාරගතව සිටින පිරිස 200 ඉක්මවයි.මේ ඇතමෙක් වසර 2 කටත් වඩා කාලයක් බන්ධනාගාරගතව සිටින බව ඥාතිහු පවසති.

මේ අයගේ සුවදුක් බැලිමට ඊයේ දිනයේ කතෝලික පියතුමෙක් බන්ධනාගාරයට ගියද එතුමන්ට විදින්නට වු අපහසුව ගැන තමන් මහත්සේ කළකිරිමට පත්ව ඇති බව සිරගතවුවන්ගේ ඥාතිහු මීපුරට පැවසුහ.

රැඳවියන් සදහා අත්‍යශ්‍ය ආහාර පානද රැගෙන ගොස් තිබුන අතර ඔවුන්ගේ දුක්ගැනවිල්ලට සවන් දෙන්නට පියතුමන්ට ඉඩක් බන්ධනාගාර බලධාරින් විසින් ලබාදි තිබුනේ නැත.